"මම දැනං හිටියා මේක පටන් ගද්දිම ඔහොම දෙයක් වෙනවා කියලා. ඒත් ඇයි ඒකට මෙච්චර රිදෙන්නේ?"
චාන් බිම බලාගත්තා. එයා දැන් මොනවද කරන්න ඕන? එයා මෙහේට ආවේ එයාට ආව ප්‍රශ්න මගහරින්න ඕන නිසා. හැමදේම හරියනකල් ටිකක් රෙස්ට් කරන්න ඕන නිසා. ඒත් ඇත්තටම එයා මෙහේදි එයාගෙ ආදරේ හොයාගත්තා. යීබෝව දාලා යනව කියන්නේ ජීවිතේ ලොකු දෙයක් මගහැර ගත්තා වගේ වැඩක්. ඒත් එයාගෙ ඇචීව්මන්ට්ස් වලට එතකොට මොකද වෙන්නේ? එයා හැමදේම මෙච්කර කල් කලේ ඒක වෙනුවෙන්. එයා එයාගෙ වෘත්තිය ගොඩනගා ගත්තේ මහන්සිවෙලා වැඩ කරලා වගේම එයාගෙ ෆෑන්ස්ලා නිසා.
"මට පුලුවන් ඔයා නැතිව ඉන්න" යීබෝ හෙමින් කීවත් ඒකෙ සෑහෙන්න දුකක් ගැබ්වෙලා තිබුනා.
චාන් යීබෝ දිහා බලද්දි එයා ඇස් පියන් හිටියත් ඒ පියවුන ඇස්වලින් කදුලු වැටෙනවා කියලා දකිද්දි චාන්ට එයාගෙ හදවත කෑලි කෑලි වලට කැඩෙනවා වගේ දැනුනා. "මට පසුතැවෙන්නේ නැතීව යන්න ඕන නිසා නේද ඔය කියන්නේ? ඔයාගෙ වේදනාව හැංගුවට මට ඒක පේනවා"
"මම මොකද්ද කරන්න ඕන?" යීබෝ කෑගැහුවා. "ඔව් මට රිදෙනවා. මම බයයි. මට ඔයාට යන්න දෙන්න බෑ. ඉතින් මොකද? ඔයා මගෙන් මොනව හරි හංගනවද? නෑ, මම දන්නවා තව ටිකකින් ඔයා මාව දාලා යනවා කියලා. මම ඔයාට පිස්සුවෙන් වගේ ආදරේ කරන්න පටන් ගනිද්දි, ඔයත් මට ආදරේ කරද්දි. ඔයා ඒක නවත්තන්නද හදන්නේ? මම දන්නවා. ඒක මගේ වැරැද්ද. මේ හැමදෙයක්ම මගේ වැරදි නිසා""යීබෝ" චාන් එයාගේ අත අල්ලගත්තා. "ඔයාටම බ්ලේම් කරගන්න එක නවත්තන්න. ආදරය කියන්නේ දෙන්නෙක් අතර ඇතිවෙන දෙයක්. මම ඔයාට මගේ හදවතින්මයි ආදරේ කරන්නේ. ඔයාට.... ඔයාට බැරිද මාත් එක්ක එන්න?" චාන් බලාපොරොත්තු සහගත ඇස්වලින් එයා දිහා බැලුවා.
ESTÁS LEYENDO
Come with Me (Sinhala Translation)
Fanficප්‍රසිද්ධ නළුවෙක් වෙන ශියාඕ චාන් එයාට සිද්ධ උන යම්සිදුවීමකින් අත්වුන අපකීර්තිය වගේම හිත් වේදනාවෙන් මිදෙන්න පුංචි ගමකට යනවා. එයාට සාමාන්‍ය නිදහස් ජිවිතයක් ගත කරන වන්ග් යීබෝව එහේදි හමුවෙනවා. ඉතින් ඒ දෙන්නා ආදරයෙන් බැඳෙන්න පටන් ගන්නවා. ඒත් මේ දෙන්නාගේ...