NURSERY TEACHER...
YIZHAN VERSION
යා යා.. ළමයෝ.. සේහී... අවදි වෙන්න...අයියෝ.. දොරත් වහගෙන.. මහ ගෑනී වගේ දොරත් වහගෙන.. අනේ අම්මා පල්ල මේ කෙල්ල නම්.. ආශ් උදේම මගේ ලේ කෝප කරනවා අප්පා... මේ දොර අරිනවා සේහී.. අවදි වෙන්නයි කිව්වේ.. උදේ පාන්දර මාව යකා කර ගන්න එපා හොදේ.. මොන්ඩිසෝරි යන්න පරක්කු වෙනවා දරුවෝ.. මේ දොර අරිනවා....
උදේ පාන්දරම අවදි උන යෙන්ග්මී තම සය මසැති කුසටත් අතක් තබාගෙන මේ කෑ මොර දෙන්නේ තමන්ගේ වැඩිමල් දියණිය පෙරපාසල් යවන්න අවදිකරවන්න...
ඉතින් උදේට පාසල් යන දරුවො ඉන්න මොන ගෙදරත් තත්වේ මේකනෙ නේද... මේ හොදින් තියන ගෙදර යස්ස විමානයක් වෙන්න යන්නෙ විනාඩි ගානයි....
ඉතින් මේ ගෙදර කියලත් වෙනසක් නෑ.. අම්මා මේ බඩේ ඉන්න දරුවත් එලියට එනකල් කෑ මොර දෙන්නෙ කාමරේ ඉන්න දරුවා දොර අරිනකල්...
සේහී....නැගිටිනවා..........................................ආ.........................
දොර ගැලවෙන්නට ගහන ගමන් යෙන්ග්මී කෑ ගහන විදියට නිවසේ සේවිකාව පවා කුස්සියේ ඉදන් දුවන් ආවේ මේ කාලෙට මෙච්චර කෑ ගහන්න හොද නැති නිසා...
කොච්චර කිව්වත් වැඩක් නෑ.. මේ කාලෙට කෑ ගහන්න හොද නෑ කියලා.. කොච්චර වත් පුංචි බේබිට කෑ ගහනවා.. වැඩට උන්න කාන්තාවත් කම්මුලේ අතක් ගහගෙන බලන් උන්නා...
අම්..... අයි අප්පා මේ... උදේම කෑ ගානෝනේ අප්පා...හුහ්.... දෝ නන්නත් නෑ... වාලෙත් උද ගීන් බිම වතුනා....
ඇග මැලි කඩ කඩ කට දෙපැත්තත් පිහදාන ගමන් ඇදෙන් බැස්ස සේහී... ඒ කියන්නෙ මේ ගෙදර ඉන්න පුංචි කෙලි පොඩ්ඩ ගිහින් කාමරේ දොර ඇරියේ නැතිනම් අද මමාට මල්ලි බබාව මෙතනම හම්බෙයි කියලා තිබ්බ බයට...
YOU ARE READING
ℕUℛЅℰℛᎽ ᏆℰᎯℂℋℰℛ YIZHAN ✓
Fanfiction👑️ ඔක්කොමත් හලී අප්පා මේ මෝඩ බාප්පිගේ පිත්තු වැඩ නිසා තා පොඩ්ඩෙන් චූටී ටීචත් තරා වෙනෝ මන් එක්ක.. හූ.ම්ම්... 😏😏 💚 ෆූ... මගේ චූටී ටීචර්ගේ සැර.. කොච්චි මිරිස් කාලද මන් දන්නෑ...😊😊 ❤️ එයා මන් කවුරු කියලා හිතන් ඉන්නවද දන්නෑ... මොන්ඩිසෝරියට ආවානම් ලම...