0008

48 12 14
                                    

කාලයක සිට තම පව්ලේ හිතවතුන් වූ ඩේවිඩ්ගේ පව්ල සමග රාත්‍රී භෝජනයක් ලබා ගැනීමේ අටියෙන් ඩේවිඩ්ගේ නිවසට පැමිණි රොගර් නොසිතූ අවස්ථාවක ලද දුරකථන ඇමතුම නිසා නැවත දිනෙක පැමිණෙන පොරොන්දුව පිට සිය ජීප් රථයේ නැගී එම නිවසින් පිටව ගියේ ඩේවිඩ් නේත් මෙන්ම මාර්තා ඒ දෙස විස්සෝපයෙන් බලා සිටියදී.

සැක සහිත  භාණ්ඩ රැගත් ලොරි රථයක් පිළිබඳ ලැබුන ආරංචියයට අනුව තම කණිඩායමේ නිළධාරරීන්ට නගරයේ මුරපොළවල් හරහා ගමන් කරන සියලුම වාහන පරීක්ෂණ කිරීමට උපදෙස් දුන් රොගර් ප්‍රධාන මුරපොළ වෙත ගියේ කෙසේ හෝ ඔහු විසින් සිදුකරන පරීක්ෂණ වල ඉදිරියට යාම සදහා අවශ්‍ය  තොරතුරක් අද දිනයේ ලබා ගත හැකිවේ යැයි දැඩි විස්වාසයෙන්.

" මොකක් හරි සැක කටයුතු දෙයක් හම්බුනාද? "

" තාම මොකුත් නෑ සර් "

" හැම වාහනයක්ම හොදට පරීක්ශා කරන්න"

" තේරුනා සර් අපේ අය හැමතැනටම දලා තියෙන්නෙ "

හිතා මතාම ප්‍රධාන මාර්ගයේ ආරක්ෂාව තද කල රොගර් රහසිගත අයුරුන් අතුරු පාරවල් වලද තම සගයින් යෙදවූයේ නියත ලෙසම මාර්ගයේ ආරක්ෂාව ගැන කන වැටුණ වහා අදාල පිරිස නගරයේ අතරු මාරග භාවිතා කිරීමට ඇති සම්භාවිතාව ඉහල බැවින්.

" සර්ට කෝල් එකක් "

" හෙලෝ "

" සර් හිතුවා වගේම රෙඩ්මිස්ට් පැත්තේ කෑලෑ පාරෙන් සැක කරටුතු ලොරියක් යනවා අපි දැන් ෆලො කරන ගමන් ඉන්නේ "

" හරි සාජන් දිගටම ෆලෝ කරන්න මං ඉක්මනට එනවා "

" මෙතන වැඩ ටික බලන්න "

ලද ඇමතුමට අනුව ක්‍රියාත්මක වූ රොගර් එම ස්ථනයෙන් පණිවිඩය රැගෙන ආ නිළධාරියාට මූලස්ථානයේ කටයුතු පවරා පිටව ගියේ කෙසේ හෝ පෙර කී ලොරි රථය තම භාරයට ගන්නා අටියෙන්.

කුඩාකල තම උපන් ගම වූ මෙමෙ නගරයේ බොහෝ මාර්ග ගැන මනා අවබෝධයක් තිබූ රොගර් රෙඩ්ම්ස්ට් වෙත ලගා විය හැකි කෙටිම මාර්ගයෙන් ගමන් කොට පෙර කී ලොරි රථය ගමන් ගන්න දිශාවට විරුද්ධ දිශාවෙන් ගමන් කරේ අතර මඟදී එම රථය කොටු කර ගන්නා අටියෙන්.

|| CODE SIX (KOOKV) || (කෝඩ් සික්ස්) Tempat cerita menjadi hidup. Temukan sekarang