.
.
.
මන් ජන්කුක්වත් වාරු කරගෙන මගෙ රූම් එකෙන් එලියට ආවෙ එයා ආයෙම ඇහැරෙන්න කලින් එයාව එයාගෙ රූම් එකෙන් දාන්න ඕන නිසයි
ජන්කුක්ගෙ රූම් එකෙ දොරත් ඇරගෙන ඇතුලට ගිහින් මන් එයාව ඇදෙන් හාන්සි කරා
මන් මේ ඔක්කොම කරනකනුත් එයානම් හොදට නිදි
ඒ ලොකු ශරීරෙ උස්සන් ඇවිල්ල මට හොද ගනන්.. එයාව ඇදට දාල මාත් එහෙම්ම එයා ලගින්ම ඇදට වැටුනා
ආහ්.. මගෙ කකුල් දෙකත් වෙවුලනව වගේ දැන්නම්..හොද වෙලාවට අපි දෙන්නගෙ රූම්ස් එක ලගම තියෙන්නෙ.. නැත්තන් මේකවත් උස්සන් තව යන්න ගියොත් මගෙ පණ ගිහින් තියෙයි.
කොහොමත් ඉතින් ගිය ටිකේම හැම සතියකට සැරයක්ම වගෙ මට මේ බර අදින්න වුනානෙ..ඇත්තට මේ ජන්කූගෙ මූන පොඩි එකෙක්ගෙ වගේ උනාට ඇගනම් දැන් අලියෙක්ගෙ වගෙ.. ඉස්සර වගේම හිටියනම් මට මෙච්චර අමාරු වෙන්නැනෙ අප්පාහ්.. මොකට මෙච්චර තඩි වුනාද මන්ද..
හ්ම්.. ඒත් ඉතින් ඉස්සරහට ඒ කිසි දෙයක් නැහැනෙ
මටත් නොදැනිම මගෙන් බර හුස්මක් පිටවුනා
කොයිතරම් වෙන වෙන දේවල් හිතල අවදානය වෙනස් කරගන්න හැදුවත්.. සැරින් සැරේ.. දැන් තියෙන ඇත්තම තත්ත්වය මතක් වෙන එක මට නවත්ත ගන්න බැහැ
කොච්චර ඒ දෙවල් හිතන් නැතුව මේ මොහොත හොදින් ගෙවනව කියල හිතුවත්.. ඊලග තත්පරෙ මගෙ මුලු පපුවම ලොකු මූසල හැගීමකින් පුරවමින් හැමදෙයක්ම එකින් එක මතක් වෙන්න ගන්නව
අන්තිම වතාවටත්.. ඒ නලල තදින් සිපගත්ත මම නැගිටල එයාගෙ රූම් එකෙන් එලියට ආවා
රූම් එකෙ දොරත් වහල දාල දොරෙ හැන්ඩ්ල් එක එක අතකින් අල්ලගෙනම දොරට හේත්තු වෙලා එහෙම්ම ටික වෙලා යනකන් හිටියත්..
ටිකකින් මට දැනුනෙ කවුරුහරි මන් දිහා බලන් ඉන්නව වගෙයිඑකසැරේම කොරිඩෝ' එකෙ ලයිට්ස් ඔන් වෙද්දි මන් ඇස් දෙකත් අතින් වහගෙනම.. කවුරුහරි ඉන්නව වගෙ දැනුන පැත්තට හැරුනා
" ටේ.. මේ ඔයාද..
මොනාද මේ හද්ද කලුවරේ කරන්නෙ ලයිට් එකක්වත් දාගන්නැතුව "
YOU ARE READING
The Decisions Of Fate | Tk | Fanfic |
Fanfictionඅපේ ජීවිත වල මේ සිදුවෙන කිසිම දෙයක් අහම්බයක් නෙවෙයි .. ඒ සියල්ලක්ම දෛවයේ තීරණ ..💫 From the day of the universe's creation and beyond.. Through the infinite centuries and beyond.. In the previous life and maybe the next too.. We're eternally togethe...