සදරැස් කියන්නෙ පෘථිවි තරමටම උස ඇති තබ කර්ලි කොන්ඩයක් හිමි දුබුරු ඇස් වලට වග කියන swimming වලටම හැඩගැසුනු මහතත් නැති කෙටුත් නැති ශරීරයක් හිමි සුදු ලස්සන පිරිමි ලමයෙක්.ඔහුගේ පෙනුමට කවුරුත් හෝ වශී නොවුනා කිව්වොත් බොරු.ඒ තරම් handsome. Classroom එකට එනකොට උනත් මේ පිරිමි පාසලේ කොල්ලන් පවා හැරී බලන්නෙ ඔහු එතරම් ප්‍රිය මනාප නිසාය.නමුත් සිංහල period එකේදී පමනක් ඔහු පෘථිවි අසල වාඩි වීම පුරුද්දක් උනා.පෘථිවිගේ සිංහල පාඩම ඔහු දිනපතා අසන් සිටියා.පවුලේ අය හැර තම මිතුරන් දෙදෙනගෙන් පසුව කෙනෙක් කියන දෙයක් ඔහු අහන් හිටියමයි.හැබැයි එක් වචනයක්වත් හෙල්ලුවෙ නෑ.
එලෙසම දිනෙන් දින දවස් 6කුත් ගෙවිලා.පෘථිවිට නම් හැමදම පාසල් ඇරී නිවසට යන්නෙ no reply ගේ රාත්‍රී පනිවිඩය බලාපොරොත්තුවෙන්.ඒවාත් පුරුද්දක් වශයෙන් හැමදාම ලැබුනා.නමුත් දැන් දින 3කට පමන පෙර ඉදන් ඔහුට මෙම හුරුපුරුදු මැසේජ් නම් ආවේ නැ.පනිවිඩයක් එනකන් දුරකතනයත් අතැතිව පුලුවන් උපරිම ඇහැරන් හිටි ඔහුට ඉබේම නින්ද ගියා.පෘථිවිට හරියට කෑම නෑ වගේ.මූනත් මැලවිලා.වෙනදා මූනේ හිනාව රැගෙන පන්තියට එන ඔහු දැන් සුදුමැලි වෙලා.දන්නෙවත් නැති මනුස්සයෙක් ගැන හිතලා.පන්තියේ ලමයිනුත් දැන් ඔහුට විහිලු කරන්න අරන් බූට් එකක් කාලාද කොහෙද කියලා.
"පෘථිවි වැඩිය හිතන්න එපා." ඒ චලන
" යකෝ හිතන්නෙ නැතුව කොහොමද.අවුරුදු දෙකකට ලන් වෙන්න මන් ලග හිටිය කෙනා එක පාර මෙහෙම මගෙන් දුරස් වෙද්දි"
"පුතේ එනපොට නම් හොද නෑ.දැකලත් නැති මනුස්සයෙක් ට උබ ලන් වෙලා වැඩියි වගේ මට හිතෙන්නෙ"
"එයාට කරදරයක් ද දන්නෙ නැ.අඩුම හොයන් යන්නවත් විස්තරයක් දන්නවනම් චලන මන් ඇත්තමයි මෙලහට හොයන් ගිහින්"
කියමින් පෘථිවි තම පන්තියට යාමට සැරසුනා.චලනත් ඔහු පිටුපසින් ගියා.එතනින්ම washroom ලග ඉදන් සදරැස් ඇතුලු තුන්කට්ටුව ඔවුන් පසුකරමින් පන්තිකාමරයට ගියා. ඉන් විනාඩි 3ක් පමන ඇතුලත පෘථිවි පන්තිකාමරයට ඇතුල් වෙනකොටම කලු ලෑල්ලෙ ලියා තිබුනේ

YOU ARE READING
සියුම් පහර | $i¥um Paha®a 🎯✨
Fantasyසියුම් පහරකින් ආදරයක් උපදින්නම බැරිද 🥋✨️✒ { පෘථිවි සඳරැස් බූවලු ආදර කතාව 🐙 } ආදරය,දුක,සතුට,විරහව,හාස්‍ය,හැගීම් මතින් ගොඩනැගෙන ලිංගිකත්වය,අහිමිවීම් මැද්දෙන් තමන්ට උරුම ආදරය හිමි කරගැනීමක් සමග පටබැදුනු සමරිසි ආදර කතාවක්......♥️🔞 ඉතින් ලස්සන ලමයෝ ම...