යීබෝ සෑහෙන්න කලබලෙන් හොස්පිට්ල් එකට ආවා. එයා එද්දිම නර්ස් කෙනෙක් එයාව නවත්තන්න හැදුවත් යීඵෝ නර්ස්ගේ වචනවත් කනකට ගන්නැතුව වෝර්ඩ් එකට ආවා.
"ශියාඕ චාන්, මට එයාව බලන්න ඕන"
"ඔයා එයාගේ නෑදැ කෙනෙක්ද?"
"මම..." එයා කියන්න හිටපු එක නතර කරගත්තතේ මොකක්ද කියන්න ඕන කියල කල්පනා කරනගමන්. "මම එයාට ගොඩක් වටින කෙනෙක්. ප්ලීස් මට එයාව බලන්න ඕන. මම දන්නවා එයා මාව දැක්කම හොද වෙනවා කියලා"
"සොරි. ඒත් අපිට එයාව බලන්න දෙන්න පුලුවන් නෑදැයන්ට විතරයි" එහෙම කියල නර්ස් එතනින් ගියා.
යීබෝ වටපිට බැලුවා. බොඩිගාඩ්ස්ලා කීපදෙනෙක් වෝර්ඩ් එක ලග හිටපු නිසා මෙතන චාන් ඉන්නවා කියලා එයා හිතුවා. "එයා ඉන්නවා. මෙතන මගේ චාන් ඉන්නවා"
එයා ඉස්සරහට ඇවිදන් ගියත් එක බොඩිගාඩ් කෙනෙක් එයාව අල්ලගත්තා. යීබෝ කොච්චර දැගලුවත් එයාගෙන් මිදෙන්න බැරි උනා. යීබෝට ඕන උනේ කොහොම හරි යන්න කලින් චාන්ගේ තත්වේ දැනගන්න. ඒත් එයාට ඒක කරන්න නම් ලේසි උනේ නැ.
"ෆක්. ඇයී එයාව හම්බෙන එක මෙච්චර අමැරු? මොන මගුලක්ද කව්ද කිව්වේ එයාගේ ආදරේට එයාව හම්බෙන එක නතර කරන්න කියලා?. එයාට මාව ඕන. මට කරුනාකරල යන්න දෙන්න" එයා අර බොඩිගාඩ්ට එහෙම කියනවත් එක්කම හුරුපුරුදු කටහඩක් යීබෝට ඇහුනා.
"නැන්දා" යීබෝ නැන්දාව බදාගෙන අඩන්න ගත්තා.
"පැටියෝ කාම් ඩවුන්. හැමදේම ඕකේ"
"මගේ චාන් හොදින් නේද?මට කියන්න මොකද උනේ කියලා. මම එයාව බලන්න යන්න ඕන" යීබෝ දොර දිහාවට අත දික්කරලා පෙන්නන ගමන් කියද්දිම දොර ඇරිලා ඇදක හාන්සි කරවපු කෙනෙක් එතනින් අරන් ගියා..
"එයා සර්ජරි එකකට ගන්න හදන්නේ"
"චාන්" මාස හතකට පස්සේ චාන්ව මේවිදියට දකිනකොට යීබෝට නොසැහෙන්න දුකහිතුනා. එයා හැමවෙලේම හිතුවේ චාන්ගේ මූණ බලාගන්න ඔන කියලා ආයෙත්..ඒත් මේ විදියට ඒක වෙයි කියලාහිතුවේ නැ. මේක අන්තිම වතාව වෙයිද??? නෑ නෑ ඒක වෙන්න බැනේ.....
ESTÁS LEYENDO
Come with Me (Sinhala Translation)
Fanficප්‍රසිද්ධ නළුවෙක් වෙන ශියාඕ චාන් එයාට සිද්ධ උන යම්සිදුවීමකින් අත්වුන අපකීර්තිය වගේම හිත් වේදනාවෙන් මිදෙන්න පුංචි ගමකට යනවා. එයාට සාමාන්‍ය නිදහස් ජිවිතයක් ගත කරන වන්ග් යීබෝව එහේදි හමුවෙනවා. ඉතින් ඒ දෙන්නා ආදරයෙන් බැඳෙන්න පටන් ගන්නවා. ඒත් මේ දෙන්නාගේ...