"ආ උබලා ආවද.කෝ සදරැස්" චලන කල්පත් රොශේනුත් දිහා බලමින් ඇසුවා.
"එයා ටිකකින් එයි.තාත්තා එක්ක මොකක්ද වැඩකට එලියට ගියා කිව්වා."
"පෘථිවිත් ආවා නේද එහෙනම් කොහොම හරි" රොශේන් පෘථිවි දෙස බලම්න් පැවසුවා.
පෘථිවි මද සිනාවක් පෑවා. පෘථිවි අද හරි හැඩයි. කොලර් තියෙන කලු පාට ඩීඩැට් කමිසකයින් සැරසුනු ඔහුට කලු දිග කලිසම සමග සුදු ඩෙක්ස් දෙක මනාව ගැලපුනා. නාදගම පටන් අරන් ටික වෙලාවකින් වයිබ්‍රේට් සද්දයක් සමග පෘථිවිගේ දුරකතනය නාද උනා.
ටිං________
කෙටි පනිවිඩයක්..........
"Come to the second floor.. please come alone"
ඒ පෘථිවි බලාපොරොත්තුවෙන් හිටපුදෙයක්.
"මචන් කෝල් එකක් එනවා.විනාඩි 5ක් දෙන්න.මන් එන්නම්"
කියමින් පෘථිවි තනිව එලියට පැමින පඩිපෙල දිගේ ඉහල මහලට ගියා.දෙවෙන මහලට ආ පෘථිවිට නම් කිසි දෙයක් පෙනුනේ නෑ.එහෙත් යම් තරමක් සෙනග හිටියා.
ටිං_________________
කෙටි පනිවිඩයක්...................
"Kelinma awith dakunu paththe deweni dora arala athulata enna"
ඉතින් පෘථිවි කෙලින්ම washroom එක පහු කරන් ඉදිරියට ඇදුනා.ඒත් එන්න එන්නම කලුවරයි..ඉදියට යන හැම අඩියක් පාසාම ලයිට් එලියක් පේන තෙක් මානෙක නෑ....හැබැයි එහෙ මෙහෙ යන සෙනගනම් අඩුවක් නෑ...පෘථිවි දකුනු පස දෙවෙන දොර ඇරන් ඇතුලට ගියා. කට්ට කලුවරයි.එක ලයිට් එකක්වත් නෑ.පෘථිවි බිත්තිය දෙපැත්ත ඇල්ලුවා ස්විච් එකක්වත් හොයන අරමුනින්.ස්විච් එකක් නම් හම්බුනා එත් එය විවර කලත් ලයිට් වැඩ කලෙ නෑ. එක වරම දොර හයියෙන් වැසුනා.අගුලු වැටෙන හඩකුත් ඔහුට ඇසුනා..ඇත්තටම පෘථිවි බිය උනා.
" ඔතන කව්ද......." පෘථිවි හඩ නැගුවාත් සමගම යම්කෙනෙක් පෘථිවිව පිටුපසින් වැලද ගත්තා.
"කෙනෙක් ඉන්නවා ඔයා ලගින්ම...." හැබැයි ඔහු කතා කලේ රහසින්
ඒ වැලදගැනීමෙන් පෘථිවිගෙ ශරීරය රත් උනා.ඒත් පෘථිවි එය නැවැත්වීමට තැත් කලේ නෑ.ස්පර්ශයෙන් ඔහුට දැනුනේ ඒ පිරිමිලමයෙක් කියලා.
YOU ARE READING
සියුම් පහර
Fantasyසියුම් පහරකින් ආදරයක් උපදින්නම බැරිද 🥋✨️✒ Start Date - 09•25•2k24 End Date - ongoing