"මේ මල්ලි මන් තමුන්ට මන් දවසකුත් කිව්වා ඔය බොම්බයි මොටයි කොණ්ඩේ කපන් වරෙන් කියල!! මල්ලිට සිංහල තේරෙන්නේ නෑ වගේ නම් කියපන් අපේ විනය භාර සර්ට පුළුවන් හොඳට සිංහල!!"
ඔක්කොමත් හොඳයි මුගේ කට තමා!! ඔන්න තව තත්පර තුනකින් මූ 'අශ්‍රධ!!' කියල කෑගහන්න ගනියි...අශ්‍රධ මුවින් නොබැන හිතින් විතරක් බැන්නේ උදේ පාන්දර ඩී එච් පී පගයාගේ කට අවුස්සා ගැනීම වනාහි ලෝක යුද්ධයකට හපන් කෙරුමක් නිසා....ඔන්න තුනයි...දෙකයි...එකයි....
"අශ්‍රධ!!! ඔය කතුර දීපන්!!"
ඔය දැක්කනේ!!! අනේ අම්මේ මාව මුගෙන් බේරගන්න අනේ....අශ්‍රධ ඤුරු ඤුරු ගාගා කතුර දෙව්ලාෂ් ට දීලා පොඩ්ඩක් ඉස්කෝලේ ඇතුලට නෙත් යොමු කලාම එයා දැක්කේ එයාගේ අතිජාත කුජීත කුපාඩි යාලුවා තෙවිනුර ඈත තියා එන විදිහ...අනේ මගේ ගැලවුම්කාරයා!! හදිසියේ උපන් ආලයෙන් තෙවිනුර ළඟට ආව ගමන් අශ්‍රධ තෙවිනුරගේ කම්මුලට චොක් කාලා හාද්දක් දුන්නම අහක බලාගත්තේ වෙන කොහෙවත් හිටපු දෙව්ලාෂ්...
"අනේ මගේ රත්තරනේ...මගේ මැණික් කැටේ සංකුට්ටෝ..මට ඔයාව මතක් වුණා පණේ..."
"ආ...ඒ අහවල් ලබු ගෙඩියකට ද?"
"මූ එක්ක වසන්න බෑ බන්" අශ්‍රධ තෙවිනුරගේ කනට කරලා මිමිණුවේ වැරදිලා හරි අසවල් පාර්ශවෙට ඇහුණොත් උදේ පාන්දර කනේ පැත්තක් පාත් කරගන්න වෙන හින්දා...මේ දෙන දුක් ගිනි ඇවිලෙයි සුදු මහත්තයෝ....
"සිරා කතාව ඈ..මේ පගයොන්ගේ ලබ්බේ තහඩු කෑලි ටික ගලවල අරන් ඔබන්න තියෙන්නේ...ඇයි අප්පා! අනිකා අර ලබ්බේ ගේට්ටුවේ ඉන්න ගල් හිපාටු පකිස් කුකුළා මෙවිනු !! ඌ මාවමයි කන්න බලා ගෙන ඉන්නේ! අම්මපා මට බෑනේ මුගේ හොම්බට එකක් ඇනගන්න!!" තෙවිනුර අන්තිම වාක්‍ය කියනකොටම වගේ මෙවිනු ඇවිත් දෙව්ලාෂ් එක්ක කතා කරන්න ගන්නකොට ම මුට ගියේ නැතෑ තඩි හචිමක්!! අපේ එකා බනින්න ගියාම ආයේ ඉතින් කතා කරලා වැඩක් නෑ...සීනිගම දේවාලේ වැඩ කරපු කපුවෙක් ද දන්නේ නෑ පෙර ආත්මයේ...
"මේ පගයෝ දෙන්නට මුලග්ගින්න බන්.. පතෝල ටිකක් දෙමු" අශ්‍රධ කියද්දී මෙවිනු දිහා ඇස් හීනි කරන රවාගෙන බලන් හිටපු තෙවිනුර හෙන ගැහුවා වගේ එක පාරට අශ්‍රධ දිහාවට හැරිලා ඉනට අතකුත් තියා ගත්තා.
YOU ARE READING
උක්තානුක්ත | Spoken-unspoken
Romantizmදම් පාට මල් පෙත්තක සිනිදුවට අකුරු කරපු වචනෙන් කීව- නොකීව කතාවක්.... උක්ත-අනුක්ත 💜