❤ඕයි පොඩ්ඩක් හිටපන් මේ කද මලු ඔක්කොම මට උස්සන් යන්න බෑ බන්

👻හිටපන් ...කෝ දියන් මෙහෙට...මේවා උස්සගත්තාම උබව පේන්නෙත් නැ

❤අනේ පලයන් යන්න...උබලා උසයි කියලා මන් මොනා කරන්නද

😇අනේද කියන්නේ...

❤උබලා පලයල්ල ගිහින් හෝදන් වරෙන් මන් බඩු ටික ලෑස්ති කරන්නම්...

😇උබ පලයම් මුලින්ම කවීශ...

👻හා හා...

❤කල්පන ... ඕයි තමුසේ කොහෙද ඉන්නේ

😇මේ එනවා...මොකෝ බෙරිහන් දෙන්නේ

❤මේ මොනාද...

ඉෂාන් කල්පනගෙන් ඇහුවේ අතේ තිබ්බ බියර් ටින් දෙක උස්සන්

😇අහ් මේ...

❤මන් උබලා දෙන්නට එදා කිව්වෙ මොනවද

😇හරි ඉතින් සොරි

❤සොරි කිව්වාම හරියනවද

😇අනේ ඉතින් අදට විතරක්...උබ මගෙ බොක්කෙ ෆිට් එකනේ

❤හ්ම්...බටර් ගාන්නනන් හොදට දන්නවා.. සනුක සරුත් හවුල්ද මේවට

😇අපෝ නෑ...මේ මායි කවීශයි ගත්තේ ..හැබැයි ඒ දෙන්න ඒවා ගෙනාවොත් අපිව අල්ලගන්න නම් එපා..

❤හා හා පලයන් ...මන් යනවා කෑම හදන්න

😇ඒ සුද්දා හදන මගුලක් වැඩිපුර හදපන්...සර්ට තරු පහේ හෝටලේකින් කෑවා වගේ වෙන්න

❤හා හා

👻ආයිශ් සුවද බලපන්කෝ... මේහ් වටේ ඉන්න පෙරේතයන්ට ටිකක් අයින් කරලා ඕක කන්න පටන් ගත්තනම් හරි නේද බන්

❤ආයි අමුතුවෙන් දෙන්න දෙයක් නෑ.. උන්ට තමා කොහොමත් කන්න දෙන්නේ

👻ඈහ්‍ යකෝ ඒ අපිද

❤නැත්නම් වෙන එවුන් ඉන්නවද මේ ගෙදර

👻අම්මපා උබනම්

❤හා හා කියවන්න එපා. අර දොරේ බෙල් එක වැදුනා පොඩ්ඩක් බලහන්.මෙතන උබට කරන්න දේකුත් නෑනේ..

👻හා හා...මේ යනවා

😺ආ කොල්ලනේ අපි ආවා වේලාසන වැඩිද මන්දා

👻අපෝ නෑ සර්...

💚අම්මෝ බන් මොනාද හදන්නේ පලාතම සුවදයි බන්

ℳ𝓎 ℒ𝒾𝓉𝓉𝓁ℯ 𝒞𝓇𝓊𝓈𝒽Where stories live. Discover now