චාන් තාමත් හිටිය දොර ලඟ හිටගෙන. එයාට ගෙදරට එන්නවත් සීයක් තිබුනෙ නෑ. එයාට අදහගන්න බැරි වුණේ මේ පුංචි කොල්ලා සෝෆා එකේ වාඩිවෙලා ඉන්නවා දැකලා. තාමත් අදහාගන්න බැරිවෙච්ච නිසා චාන් ගේ ඇතුළට යන්න කැමති වුනෙත් නැහැ. මොකද එයා ආපහු අතුරුදහන් වෙයි කියලා හරියට හීනෙන් වගේ.
"මේ මම තමා. හිනයක් නෙවෙයි වස්තුවේ. එන්න කෝ හග් එකක් දෙන්න" යීබෝ මෘදු කටහඩකින් කිව්වේ සොෆා එකෙන් නැගිටලා අත් දෙක දෙපැත්තට කරගන්න ගමන්.
"යීබෝ " එයා දුවගෙන ඇවිත් යීබෝව බදාගත්තා.. ඒ උණුසුම එයාට දැනුනේ සෑහෙන කාලෙකට පස්සේ. "මට ඔයාව සැහෙන්න මතක් උනා" චාන්ට නොදැනිම එයාගේ ඇස් වලින් කඳුළු වැටෙන්න පටන් ගත්තා "මට සමාවෙන්න.. මට ඇත්තටම සමාවෙන්න ඔයාව දාලා ගියාට. මං ඔයාට ආදරෙයි. මම ගොඩක් ආදරෙයි""අඩන්න එපා. මගේ හිත රිදෙනවා එතකොට" යීබෝ චාන්ගේ පිට අල්ලට හාදුවක් දුන්නා. "හයියෝ බලන්න ඔයා දිහා. පොඩි ලමයෙක් වගේනේ අඩන්නේ. ඔයා මොකද්ද කරපු වරද? අතිතේ ගැන හිතන්න එපා. අපි අන්තිමට හම්බුනානේ" යීබෝ චාන්ව ඇදලා අරන් එයාගේ තොල් අල්ලගත්තේ වෙනදට වඩා රලු විදියට. චාන්ව වැටෙන්න යනවා වගේ දැනුන නිසා යීබෝ එයාව සෝෆා එකෙන් හාන්සි කරන ගමන් එයාලගේ හාදුව කන්ටිනියු කරන් ගියා.
"ඕනවට වඩා සතුටත් සෞඛ්‍යයට හොද නැ"
"ඔයා හොදින්ද?" යීබෝ චාන්ගේ නලලට හාදුවක් තියන ගමන් ඇහුවා.
"ඔව්. ඔයා මේ පොඩි කාලෙට සැහෙන්න හැන්ඩ්සම් වෙලානේ" චාන් යීබෝ දිහා බලන ගමන් කිව්වා.
"ඇත්ත . මම ඔයා වගේ වයස කෙනෙක්ට ගැලපෙන්නේ නෑ"
"එලවනවා පයින් දෙකක් ගහල ගෙදරින්"
VOUS LISEZ
Come with Me (Sinhala Translation)
Fanfictionප්‍රසිද්ධ නළුවෙක් වෙන ශියාඕ චාන් එයාට සිද්ධ උන යම්සිදුවීමකින් අත්වුන අපකීර්තිය වගේම හිත් වේදනාවෙන් මිදෙන්න පුංචි ගමකට යනවා. එයාට සාමාන්‍ය නිදහස් ජිවිතයක් ගත කරන වන්ග් යීබෝව එහේදි හමුවෙනවා. ඉතින් ඒ දෙන්නා ආදරයෙන් බැඳෙන්න පටන් ගන්නවා. ඒත් මේ දෙන්නාගේ...