චාන්ට එයාගේ අතේ සිනිදු දෙයක් ගෑවෙනවා වගේ දැනුන නිසා ඉක්මනට ඇස් ඇරියා. එයා දැක්කා නිල්පාට ඇස් දෙකක් එයා දිහා බලන් ඉන්නවා."ජියැන්ගුඕ මේ ඔයාමද? මගේ ප්‍රින්සස්" චාන් හයියෙන් කැගහාගෙන එයා ලග හිටපු පූස් පැටියාව බදාගත්තා.."මගේ දග කෙල්ලව මට ගොඩක් මිස් උනා" පූස් පැටියත් එයාගේ අයිතිකාරයාව අදුරගෙන හුරතල් වෙන්න ගත්තා.
චාන් දැක්කා මේ දිහා යීබෝ හිනාවෙවි බලන් ඉන්නවා කියලා.
"ඔයාද මෙයාව එක්කන් ආවේ?"
"ඔව්. මම ඔයාගේ අම්මලට කිව්වා එයාව ගෙනත් දෙන්න කියලා. මම දන්නවා ඔයාට මෙයාව නැතිව බැ කියලා"
"යීබෝ ඔයා" චාන් නැගිටලා දුවන් ගිහින් යීබෝගේ ඉණ වටේ අත් දාලා එයාව බදාගත්තා. "ඔයා තමා ලෝකේ ඉන්න හොදම බෝයිෆ්රෙන්ඩ්. මං ආදරෙයි. ගොඩක් ආදරෙයි" චාන් එකදිගට යීබෝගේ මුණට හාදු ගොඩක් දුන්නා.
"චාන් මම දැන් වැටෙනවා" යීබෝගේ චාන්ගේ තොල් වලට පෙක් එකක් තියන ගමන් කිව්වා. "දැන් ඔයාට තේරුනා නේද හැමදේකින්ම හොද මම කියලා?"
"මො- ඔයාට නං ලැඡ්ජාවක් ඇත්තම නැ" චාන් යීබෝගෙන් ඈත් වෙලා එයාගේ පූස්පැටියා ගාවට ගියා.
"මූණ සෝදන් වොෂ් එකක් දාන් එන්න. මම උදේට කන්න කෑම හදන්නම්. මම ඔයාගේ පූස් පැටියාටත් රස කෑමක් හදන්නම්"
"ඔයා ඔයාගේ අලුත් ඩැඩිට කැමතිද?" චාන් අහද්දි එයාගේ පූස් පැටියා නං මූණ හංගගත්තා. "ඇයි එයා හොද නැද්ද?"
*******
STAI LEGGENDO
Come with Me (Sinhala Translation)
Fanfictionප්‍රසිද්ධ නළුවෙක් වෙන ශියාඕ චාන් එයාට සිද්ධ උන යම්සිදුවීමකින් අත්වුන අපකීර්තිය වගේම හිත් වේදනාවෙන් මිදෙන්න පුංචි ගමකට යනවා. එයාට සාමාන්‍ය නිදහස් ජිවිතයක් ගත කරන වන්ග් යීබෝව එහේදි හමුවෙනවා. ඉතින් ඒ දෙන්නා ආදරයෙන් බැඳෙන්න පටන් ගන්නවා. ඒත් මේ දෙන්නාගේ...