වසර තුනකට පසු.....
"අපි සාදරයෙන් පිළිගන්නවා අපේ වැඩසටහනට ප්‍රසිද්ධ රංගන ශිල්පි ශියාඕ චාන්ව. නයිස් ටූ මීට් යූ. මම හිතන්නත පලවෙනි වතාවට තමයී ඔබ ලයිව් වැඩසටහනකට මේ විදියට සහභාගි වෙන්නේ"
"ඔව්. ඔබ හරි" චාන් හිනාවෙලා ඕඩියන්ස් එක දිහා බැලුවා. "මම හිතනවා මම ගැන මුලින් කතා කලොත් හොදයි කියලා. මොකද වැරදි තොරතුරු මට තවමත් සමාජෙන් ඇහෙන නිසා"
"ඔව්. මුලින්ම ඔබට සුබ පතනවා චිනයේ හොදම නලුවා වීම ගැන. ඒ ගැන ඔබට මොකද හිතෙන්නේ?"
"මම නිතර කිව්වා, කීර්තිය සහ ගෞරවය කවදාවත් මගේ අභිප්‍රාය වුණේ නැහැ, ඒත් මට ගොඩක් සතුටුයි. මම රංගනයට ගොඩක් කැමතියි. මම මගේ මුළු හදවතින්ම මේ සම්මානය ලබා ගන්නවා කියන්නේ මම ඔයාලට නිවැරදි හැඟීම් ලබා දුන්නා කියන එක. මේක නලුවෙක්ගේ වැදගත්ම ඉලක්කයක්"
"ඔබ රංගන ක්ෂේත්‍රයේ හිටපු කාලය තුළ ඔබ බොහෝ අපකීර්තියන්ට වගේම දුෂ්කරතාවලට මුහුණ දුන්නා. දැන් ඔබ සිතන්නේ කුමක්ද?"
"ඇත්තටම හැම අත්දැකීමක්ම සතුටුදායක හෝ වේදනාකාරී උනා. ඒත් ඒකට කමක් නෑ. හැමවෙලාවෙම අපට ජීවිත පාඩම් ලබා කියල දෙනවා. නිවැරදි තීරණ ගන්න ඒක අපව ශක්තිමත් වගේම නිර්භීත කරවනවා. දුෂ්කර කාලය නොතිබුනා නම්, මගේ වර්තමාන සතුට අගය කරන්න බැරිවෙනවා"
"මං ඔබෙන් දෙයක් අහන්නම්.ඔබේ රසිකයන් කුතුහලෙන් සිටින දෙයක් ගැන ඔබේ පුද්ගලික ජීවිතයේ"
"මගේ ලව් ලයිෆ් එක ගැනද...?"
චාන් එහෙම කියලා එයාගේ එහා පැත්තේ වාඩි වෙලා හිනාවෙවි ඉන්න කෙනා දිහා බැලුවා. චාන්ට දැනුනේ එයා තමා මේ ලෝකේ ඉන්න ලකීම කෙනා කියලා.
KAMU SEDANG MEMBACA
Come with Me (Sinhala Translation)
Fiksi Penggemarප්‍රසිද්ධ නළුවෙක් වෙන ශියාඕ චාන් එයාට සිද්ධ උන යම්සිදුවීමකින් අත්වුන අපකීර්තිය වගේම හිත් වේදනාවෙන් මිදෙන්න පුංචි ගමකට යනවා. එයාට සාමාන්‍ය නිදහස් ජිවිතයක් ගත කරන වන්ග් යීබෝව එහේදි හමුවෙනවා. ඉතින් ඒ දෙන්නා ආදරයෙන් බැඳෙන්න පටන් ගන්නවා. ඒත් මේ දෙන්නාගේ...