9 කොටස

266 27 27
                                    


" අපේ පොෆොමස් එක කීයටද බන් තියෙන්නේ.. "

" 13 වෙනියටලු තියෙන්නේ.. "

" තාම දෙවෙනි එකනේ තව වෙලා යයිද.."

" අපෝ ඔව් තව ටිකක් වෙලා යයි.. "

" අපේ නංගිත් ඇවිත් බන් යාලුවෝ එක්ක.. "

" සිරාවට එහෙනම් ඉතිම් පුතේ ලස්සනට නටපන්.. "

" ඒ ඇයි විශේෂයෙන්.. "

" ඇයි ආරෝ උබට අමතක උනාද උබේ කෑල්ල ඇවිත් ඇති නංගිගේ යාලුවෝ එක්ක.. "

" කැහැ කැහැ කැහැ කැහැ...... "

කෝපි එකක් බිබී හිටපු එන්සොට  එක පාර හිරවෙලා කැස්සක් ආවා.. මුන් පොඩි ළමයි වගේ කෝපි එකක්වත් බොන්න බෑ හරියට හිරකරගන්නවා..

" මොකද බන් පොඩි එකෙක් වගේ ඕකවත් හිරකරගන්නේ නැතුව බීපන්කෝ.. "

" කෝ බන් ඩැනියෙල්.. "

" ඒක තමා මාත් බැලුවේ ටිකක් ඉන්න කියලා ගියා ගියාමයි වෙච්ච දෙයක් නෑ.. "

" මූ කොහේ ගිහින්ද ඒ ගමන.. "

" උබලා 6 දෙනා ඔතනම හිටපන් මන් බලලා එන්නම්.. උබලට ඔය ඇදුනුත් උස්සන් කොහෙවත් යන්න බෑ නේ කොහොමත්.. "

" හරි හරි ගිහින් වරෙන් ඉක්මනට.. "

මේ ගොන් බස්සා කොහෙද ගියේ ඒ ගමන.. මේ අන්තිම මොහොතේ නේ මූටත් කෝල් එන්නේ.. කෝල් එක ආවයි චුට්ටක් ඉන්න එන්නම් කිව්වයි අතුරුදහන් උනා..

මම ඩැනියෙල්ව හොයාගෙන මුළු scl එක වටේම දිවුවා මේ සෙනග අස්සේ කොහේ හොයන්නද කෝල් උස්සන්නෙත් නෑ ඇයි වදේ.... අන්න ඉන්නවා... මන් දුවලා ඩැනියෙල් ලගට යන්න හැදුවත් මම දැකපු දේ නිසා මගේ කකුල් දෙක එක තැන හිර වුණා.. මම එහෙම්මම ගේට් එක තදකරලා අල්ලාගෙන ඒකට බර වුණා.. ඩැනියෙල් හිටියේ scl එකෙන් එළියේ ටිකක් දුර‍ට වෙන්න..

ක... කවුද ඒ.... කවුද ඒ කෙල්ල......

ඒ කෙල්ල ඩැනියෙල්ව තුරුළු කරගෙන ඉදලා එයාගේ මුණට කිස් එකකුත් දීලා ස්ටාබක්ස් එකේ බෑග් එකකුත් අතට දීලා ඔලුව අත ගාලා කා එකට නැගලා යන්න ගියා.. ඩැනියෙල් එයා යනකම් බලාගෙන හිටියා..

මම එයා දකින්න කලිම් scl එක ඇතුලට දුවගෙන ගියා.. ඒ කියන්නේ එයාට කෙල්ලෙක් ඉන්නවද.. මන් බොරු බලාපොරොත්තු ඇති කරගත්තා.. මට තිබුණා එයා ගැන එහෙම නොහිතා ඉන්න.. මගෙයි වැරැද්ද..

 SANDA RAAKA | ONGOING ✫Where stories live. Discover now