අයරීන්වුඩ් නගරය සියල්ලන් තව නොබෝ දිනකින් එළඹෙන වාර්ශික උත්සවය සදාහා ලහි ලහියේ සූදානම් වන අතර තුර ඩෙව්ඩ්ගෙන් ලද අවසරය මත නේත් තම මිතුරා වන ජීහාන් සමග නගරයට පැමිණියේ සති අන්තයේ නිදහස විඳ ගැනීමටයි.
කඩ වීදි පුරා ඇවිදමින්ද නේක සුවද විහිදුවන වීදී ආහාර වල රස බලමින්ද මිලදී ගැනීමට වත්කමක් නොවූවද මිල අධික නොයෙක් බඩු බාහිරාදිය විකුණන කඩ කාමර වලට ගොඩ වදිමින්ද නේත් හා ජිහාන් ඔව්න්ගේ දවස ගෙවමින් උන්නා.
" නේත් මේ අර අලුතින් දාපු කඩේ ලස්සන ඇදුම් තියනවලු යන්ද බලන්න. "
" නිකම් ගිහින් එන්න නම් බෑ යට කලිසමක් හරි අරන් දෙන්වා නම් විතරයි මං එන්නේ "
" අනේ මේ ගිය ඉරිදා අපේ ගෙදර ආපු වෙලෙත් මගේ එකක් උස්සලා තිබ්බා. දෙපාරයි මං ඇන්දේ ඒක "
" අහ් ඒක තමා මං අද ඇදන් ආවේ "
" කෝ බලන්න "
" බෑ බෑ ඔය මොකද්ද කරන්නේ අනේ මෙන්න මාව දූශනේ කරන්න හදනවා "
" පිස්සා කෑ ගහන්න එපා කොහෙද දුවන්නේ මෙහේ එනවා "
" අහ්හ් !!"
යට ඇඳුමේ අයිතිය තහවුරු කර ගැනීමට නේත් හැද සිටි කමිසය උස්සා බැලීමට පැමිණි ජීහන්ගෙන් ගැලවිමට පලා යමින් සිටි නේත්ගේ නොසැලකිල්ල නිසා ඉදිරියෙන් පැමිණි අයෙකු ඔහුගේ සිරිරේ ගැටී බිම ඇද වැටුණේ නේත් මෙන්ම ජීහන්ද මදකට නවතමින්
" අනේ සමාවෙන්න මම දැක්කේ නෑ. "
බිම වැටී සිටි තම වයසේම තරුණයට නැගී සිටීමට අත දුන් නේත් සමාව අයැද සිටියේ සිදුවූ දෙය ඔහුගේ නොසැලකිල්ල නිසා වූවක් බැවිනි.
" ඒකට කමක් නෑ. හිතලා නෙවෙයිනෙ කලේ "
නේත්ගේහා ජීහන්ගේ උදව්වෙන් නැගී සිටි තරුණයා පියකරු අයුරින් පිළිතුරු බදින විට නේත් මෙන්ම ජීහාන්ද ඔහු දෙස මදක් බලා සිටියේ තරුණියකට වුවද කලාතුරකිනි පිහිටන රූපයකින් මෙමෙ කරුණාවන්ත සිනහවක් හිමි තරුණයා සතුවූ බැවිනි.
" ඔයාට තුවාලයක් වුනේ නැ නේද ?"
" නෑ ඒත් කකුල පෙරලුනා මං හිතන්නේ "
ŞİMDİ OKUDUĞUN
|| CODE SIX (KOOKV) || (කෝඩ් සික්ස්)
Gizem / Gerilim" උඹ කව්ද? " " මම? මම උඹේ මාරයා " I Rage like a fire bomb Burn like a pyre Rage like a fire bomb Burn it's what I'm built to do Even if I die, It's my time now, I'll make it my fight, It's my time now, Even if I die, It's my time now, I'll make it a...