වෙලාව ඉදේ නවය පහු වුණා විතරයි...
ඉර රස්නෙ ඇඟට දැනුණ පාර විදත් ඇහැරුණෙ ගැස්සිලා...වටවුණ කොට්ටෙකුත් එක්ක පෙරවුණ රෙද්දකින් ගාණට දැනෙන ඒසී සීතල...අමුතුවෙන් හොයන්න බලන්න දෙයක් නෑ පරිසමාප්තියෙන්ම සැප නින්දක සාක්ෂි..ඒත් දැන් ඇඳේ කියන්නෙ ? එතකොට ? නෑ! එහෙම වෙන්න බෑ! බැල්කනි කිස් එකේදිත් සිහිය තිබුණා..එතකොට ඇඳට ආවේ..
කිව්වා වගේ දෛනික බෙහෙත් පෙත්තට ග්රැනාශ් වයින් ප්‍රතික්‍රියා කරලවත්ද?විදත් වටපිට බැලුවේ ඇඳෙන් බහින ගමන්...ඒ බැස්සත් හරි කණ්නාඩිය දැක්කමයි මතක් වුණේ උඩුකය ආවරණය වෙලා නෑ කියලා..මතක විදිහට ටී ෂර්ට් එකක් ඇඳගෙනයි හිටියේ..දැන් නෑ කියන්නේ..සමහරවිට- ඒක වෙන්න බෑ!!
වෙලා ඇති කියලා හිතන දේටත් වඩා විදත්ට තිබුණෙ ඒ වෙලාවේ හරි හමන් සිහියක් තිබුණෙ නැති එක ගැන අවුලක්..
අඟයන්න බලන් හිටපු ලස්සන මොහොතක් එහෙම එකපාරටම නැති වුණාම...ඒ කල්පනාවෙන් බලද්දිම කණ්නාඩිය මැදට වෙන්න තිබුණ කහ පාටට හුරු ස්ටිකී නෝට් එකට ඇහැ හැරුණේ ඉබේටම වගේ...
Thank you for sleeping bby..
It's helps to done my report successfully..Love ,Meen
මේවා දැක්කම තමයි කොල්ලගෙ ඇඟේ මාළු ගඟේ සර්ෆ් කරන්න ගන්නේ..
හහ් සක්සස්ෆුලි! සාර්ථකත්වය ගැන මොකුත් කියන්නෙ නෑ ඉතින්..විදත් ස්ටීකී නෝට් එක ලාච්චුට දාලා බාතෲම් එකට හැරුණා..මහාචාර්යතුමා මේ පේන මානෙක නෑ කියන්නෙ අනිවාර්යයෙන්ම යන්න තියෙන්නෙ එක තැනයි..ඇඟ සෝදගෙන ඇඳුමක් මාරු කරගෙන මූණට වැටෙන කොණ්ඩෙන් බාගයක් අල්ලලා උඩට බැඳගෙන මදිපාඩුවට පර්ෆියුම් එකත් ගහගෙන විදත් පහළට ගියා..
සීයා කෑම මේසෙට වෙලා පත්තරේ බලන ගමන් තේ බොන්නෙ සුපුරුදු පුරුද්දෙන්..ඒ ළඟටම වගේ වෙලා ත්‍රිලක්ෂ මොකක්දෝ පොතක් කියවද්දි කැමීලියා ත්‍රිලක්ෂ ළඟටම වෙලා දිල් එක්ක පාන් පිඟානට වගකියනවා..අක්කා නඟාලා කන්නම ඉපදුණ ඈයෝ වෙද්දි ඒක එහෙම නොවුණොත් තමයි පුදුම..එත් ත්‍රිලක්ෂ..
අර ප්‍රොෆෙශනල් ගතිය කෙස් ගහේ ඉදන්ම..."ගුඩ් මෝර්නින් ලොකූ..."
කොල්ලව දැක්කත් හරි සීයාගේ පුරුදු පිළිගැනීම කාටත් ඉස්සරහින්..
YOU ARE READING
මීන් | MEEN
Non-Fiction"මං මූදු රැළ්ලට වඩා උඹට ඇබ්බැහි වෙලා.." -විදත් හංසනාදිත්යය-