සදරැස් දොර විවර කරනවාත් සමගම ආ නැවුම් සුවද අලුත් සුදු පැහැ තීන්තවලට උරුමකම් කිව්වා.අලුත් ඇදඇතිරිලි මෙන්ම වෙනදට ඇදෙහී වූ එක් කොට්ටක් වෙනුවට කොට්ට දෙකක් උනා.තිබූ යම් පරන ගැජමැටික් ටික අතුරුදන්ව මේසය මත නැවුම් මල් පොකුරක් සමග වාස් එකක්ද උනා.ඇත්තෙන්ම තිබූ පරන වැඩිහිටි ගතිය ඉවත් වී නැවුම් තාරුණ්යයක් එහි දක්නට ලැබුනා.
"Woow beautiful"
සදරැස්ගේ කටින් එය ඉබේම පිට උනා.තම මව ගෙනත් තිබූ ඇදුම් පෘථිවිගේ අල්මාරියේ එක් කෙලවරක ලස්සනට නමා තිබුනා.ඔහු wash එකක් දාගෙන ඇදට වෙලා සිටියේ පෘථිවි එනතෙක් මග බලන්.gym එකේ සිට නිවසට පැමිනෙන පෘථිවිට මව,
"පුතා සදරැස් ආවා.wash එකක් දාගෙන එන්න කෑම කන්න."
"හරි අම්මා."
ටිකෙන් ටික පඩිපෙල නගින පෘථිවි කිසිදු ගැඹුරු සිතිවිල්ලකින් තොරව කාමරයට ලන් වුවත් ඔහුගේ හෘදයාංගම ආදරය, ඔහුගේ සිරුරෙන් දැනෙන ක්ෂීණ ශක්තිය හෝ හිතේ ඇති ආඩම්බරය ඉදිරියේ යම් ප්රහාරයක් විදින්නට උනා. ඇතුළට යන විටම ඔහුට දක්නට ලැබෙන්නෙ සදරැස් නිහඬව, ඇදට වී වාඩිව සිටීමයි.පෘථිවී සදරැස්ව දැක ඒ අසලට ගියේ හිත අන්තිම උසාවියට නඩු අහන සේ හිස නොනැමූ ඔහුගේ මනස තුළ "මම ආදරෙන් උදව් කළේ ඔයාටම විතරයි" කියන ආඩම්බරයක් පෙරදැරිවයි.නමුත් ඇත්තටම සදරැස් තම ආදරණීය ඇස් වලින් පෘථිවි දෙස බැලුවේ ඒ මියයන්නට ප්රථම ආදවන්තයෙන් ආදරවන්තියක් දෙස බලන ආකාරයටයි.
තම ආඩම්බරකම රැකගන්න පෘථිවි උත්සහ කලත් තම සිතෙහි ඇතිවන හැගීම් පෙන්වීමට තවමත් කාලයක් නැතැයි සිතූ ඔහු,
"ඔයාට කොහොමද දැන්"
ලෙස සෙමෙන් අසා ඇදෙන් වාඩි උනා.සදරැස් පෘථිවිගේ මුහුන දෙසට නැඹුරු වී අහසින් බැසයන සදක් ලෙස බලමින්,
"මන් හිතනවා හොදයි කියලා"
දිග හුස්මක් ගත්තා.පෘථිවී ඔහුගේ සිත තුළ ඇති ආඩම්බරය හොඳින්ම තියාගෙන සිටියත්, ඔහුට සදරැස්ව බලාගෙන හිතට ඇත්තටම දැනෙන හැගීම් අහිමි කරගන්න බැරි උනා.. ඔහු ඇදෙන් නැගිට තවල් එකත් රැගෙන wash room එකට යන විට ඔහුගේ ඇස්වලින් කඳුළු වැටුනේ එදා යම් ආකාරයකින් හෝ සදරැස් වෙනුවෙන් සිටීමට ඔහුට නොහැකි උනානම් තමන් තමන්ටම සමාවක් නොදෙන බව සිහිනංවමින් . දෑසේ කදුලු පිස දාගැනීමට හැකිවුවත් ඔහුගේ හදවතෙ කඳුළු නම් වැටීම නතර උනේ නෑ.

YOU ARE READING
සියුම් පහර | $i¥um Paha®a 🎯✨
Fantasyසියුම් පහරකින් ආදරයක් උපදින්නම බැරිද 🥋✨️✒ { පෘථිවි සඳරැස් බූවලු ආදර කතාව 🐙 } ආදරය,දුක,සතුට,විරහව,හාස්ය,හැගීම් මතින් ගොඩනැගෙන ලිංගිකත්වය,අහිමිවීම් මැද්දෙන් තමන්ට උරුම ආදරය හිමි කරගැනීමක් සමග පටබැදුනු සමරිසි ආදර කතාවක්......♥️🔞 ඉතින් ලස්සන ලමයෝ ම...