22 හිතේ දුක

260 33 2
                                    


............. 22 .........


අම්මා ඉකි ගාහ ගාහ අඩ අඩ කියන දේවල් අහගෙන මට තවත් ඉවසන් ඉන්න බැරි උනා මං හෙමින් නැකිට්ටා... මං මේ කිසිම දෙයක් දන්නෙ නැති විදියට රගපාන්න හැදුවත් අම්මා ගෙ ඇස් දැක්කා ම මට කදුළු එන එක නතර කර ගන්න බැරි උනා...

"අම්මේ හ්්් .... "

"අනේ...මගෙ කොල්ලා සුදු මහත්තයා ඔළුව රිදෙනවා ද..."

"ම්්්්... ටිකක්... අම්මේ මහත්තයා..."

" ඒ දරැවා.. වැඩ වගයකට ගියා පුතේ.."

"ම්්්්..... අම්මා ඇයි මේ අඩලා... "

"මුකුත් නෑ සුදු මහත්තයෝ... අම්මා ට දුක හිතුනා... සුදු මහත්තයා තාම නැකිට්ටේ නැති නිසා...'"

මට අම්මා ත් එක්ක මේ ගැන කතා කරන්න ඕන වුනා... එත් මෙතන පිටස්තර කෙනක් ඉන්න කොට මට මගෙ කතාව ඒ විදියට අම්ගෙන් අහන්නන බෑ... එකා මගෙ ඇත්ත ම අප්පා උනත් මගෙ මේ කටින් ඡීවිතේට ඒ නමින් කතතා කරන්නේ නෑ .. ⁣ඌ අප්පච්චී කෙනක් නෙවයි අපරාධ කාරයෙක් .. සල්ලාලයෙක් මට ඕන නෑ කවදාවත් ඒ තිරිසනා මගෙ අප්පච්චී කියලා පිලිගන්න.. මගෙ අප්පච්චී නැතිවෙලා.. මගේ අම්මා කනවැන්දදු වෙලා... මගෙ අම්මා ගෙ මහත්තයා නැති වෙලා...මේ මනුස්සයා මාත් එක්ක කතා කරන්නේ නැත්තේ මට මුණ දෙන්න බැරි නිසා..කියල දැනුයි මට තේරැම් ගියේ... අහිංසක ඡීවිත බේර අරගෙන කොච්චර පිං කර ගත්තා වුනත් වැඩක් නෑ කාලකන්නී සහගහන අපරාධ කරලා... මට මේ මනුස්සයා ගෙ මුණ දිහා බලන්නත් හිරි කිතයි..

"දොස්තර මහත්තයා බෙහෙත් ලියලා ඉවරයි නම් පොඩ්ඩක් එළියට යනවද මට මගෙ අම්මා එක්ක ටිකක් කතා කරන්න ඕන...."

"...............................'"

ඒ මනුස්සයා එළියට යන්න එයාගෙ බඩු ටික අස් කර ගන්න අතරේ..මං අප්පච්චී ගෙ දානේ ගැන ඇහුවා...

" අම්මේ.... අප්පච්චී ගෙ දානෙ මේ එන සෙනසුරාදා මොකද අපි කරන්නේ... ගෙදර මොනවා හරි හදලා දෙමුද... දැන් අම්මා ට සනීපයි නේ.... හොදටම... ඔයාගෙ මහත්තයා සතුටු වෙයි..ගොඩක්...එයාගෙ සුදු නෝනා... ට දැන් ගොඩක් සනීප නිසා.. එයා නැතිවෙන මොහොතෙත් ඔයාට කියපු අන්තිම වචනේ.. මතකද අම්මේ... "

⫸Oᴠᴇʀ Dᴏsᴇ⫷ Yizhan  [ Slow update ]Where stories live. Discover now