.
.
.
.
සාගර විශ්වවිද්‍යාලයේ තවත් කලබලකාරි අඟහරුවාදාවක ආරම්භයක්..අදාළ සාගර වැසියො උදෙන්ම කැන්ටින් එක ළඟ පුරුදු ඇහැළ ගහ යටට එකතු වුණේ ජන්මෙට වඩා ලොකු වුණ පුරුද්දෙන්...දිල් එක්ක කැම්පස් එකට ආව විදත් අදාල පාර්ශව සුපුරුදු පරිදි මේසෙ වට කරන් ඉන්නවා දැක්කෙ දුර තියාම...."වඩේ කනවද ?"
දිල් මේසෙ උඩින් කෑම පෙට්ටිය තියද්දි විදත් ශේප් එකේ ගිහින් මේඝ ළඟින් වාඩි වුණා..
"ආ උඹලා දෙන්න ආවද ?"
ඩිලන් ෆෝන් එකෙන් ඇස් අහකට ගත්තෙ දිල් විදත් දෙන්න දිහා බලලා..
"ඔව්..උඹලව නොබලා ඉන්න බෑනේ.."
කෙල්ල සේයා ළඟින් ඉඩක් ගත්තා.."කොහෙන්ද මේ ?"
කෑමක් නම් ආයෙ අනුරාධ් ඉදිරියෙන්ම..ඒ තත්පරේට කොල්ලා වඩේ එකෙන් බාගයකුත් කාලා..
"අම්මා හැඳුවේ..."
"ඒ මරුනේ.."
"මටත් එකක් අරන් දීපල් ඩිලන්..."
ඩිලන් සාහිල්ටත් වඩේ එකක් අරගෙන දීලා ආපස්සට පෙට්ටිය මිලාන් අතට පාස් කළා...වඩේ ටික දැක්කත් හරි කොල්ලගෙ මූණ වෙනස් වුණේ තත්පරේට..ඒත් අර මොකක්ද අමුතු ගතිය නැතුවමත් නෙමෙයි...
"උඹ හිතන් ඉන්නෙ දිල් මේ වඩයක් දීලා මාව ශේප් කරගන්නම් ඒවා හඳේ තමයි ආයේ.."
ගත්ත පාර මිලාන් එක කටටටම වඩේ එක කටට දාගත්තා...ඒ කාපු විදිහෙන්ම අදාළ පාර්ශව දන්නවා ගිනි පිඹින්නෙ ඇයි කියන්න..
විදතුත් ඒත් එක්කම ශේප් එකේ වගේ වඩේ එකක් අරන් කන්න ගත්තා..කොච්චි සම්බෝල එක්ක උළුඳු වඩේ..එක්තරා විදිහට රස සංකලනයක්..
"ඕහ් යාර්..මිලාන් බයියාහ්.."
දිල් තාලෙට වචනෙ දැම්මා..කරපු වැරදි සිතකින් නොවුණම දිල් උපරිම උත්සහ කළේ ප්‍රශ්නෙ ශේප් කරන්න..
"අඩෝ මේ! කුණුහරප කියන්න තියාගන්න එපා උඹ!"
කොල්ලා කෑගැහුවේ අකුර මාරුවුණොත් වචනෙ ආයෙ බරපතල වෙද්දි..
"මං හින්දිවලින් අයියා කියලා කිව්වෙ බං.."
"තේරෙන සිංහලෙන් කියපං ඔය කුණුහරප නැතුව..!"
YOU ARE READING
මීන් | MEEN
Non-Fiction"මං මූදු රැළ්ලට වඩා උඹට ඇබ්බැහි වෙලා.." -විදත් හංසනාදිත්යය-