•
•
•
•
•
තීව්රගෙ කාර් එක ගිහින් ## හොටෙල් එක ඉස්සරහ නවත්තද්දි වෙලාව හරියටම උදේ හතහමාරයි...තීව්රගෙ අණත් එක්කම ඩ්‍රයිවර් කාර් එක නවත්තලා එලියට බහිද්දි පිටිපස්සෙ සීට් එකේ ඉතුරු උනේ තීව්රයි කේෂිදුයි විතරයි....
කේෂිදු එක්ක යන්න තිබ්බ ගමන නැවතුනත් කේෂිදුට තීව්ර එක්ක තීව්රට ප්‍රොපෝස් කරපු ගැනු ලමයව බලන්න එන්න උනා...මොකද කේෂිදුට තීව්රගෙ වචනෙට පිටින් යන්න බැරි නිසා...කේෂිදුට ඇත්තටම දැනුනෙ මහ අසරණ කමක්...හිතා ගන්නවත් බැරි විදියට තමන්ගෙ චූටි මහත්තයාට ගෙදරින් යෝජනාවක් එද්දි තමන් මේ දේවල් වලට කවදා හරි මූන දෙන්න ඕන බව දැනන් හිටියත් ඒ දවස මෙච්චර ඉක්මනට උදා වෙයි කියල බලාපොරොත්තු නොවිච්ච කොල්ලට එකපාරට මේ දේ ගැන හිතාගන්න බැරි උනා...මුලු රැයක් පුරා අඩපු කේෂිදුගෙ ඇස් රතු වෙලා ඉදිමිලා තිබ්බත් තීව්රට ඒ දේවල් ගානක් නොවුනා...සමහරවිට එහෙම පෙන්නුවා වෙන්නත් පුලුවන්...
කොහොම උනත් උදේ නැගිටිද්දි තමන්ගෙ චූටි මහත්තයා ගෑනු ලමයව බලන්න යන ගමනට තමන්ටත් එන්න කියලා අණ කරද්දි නොයා බැරි කමට අතට අහු වෙච්ච ඇදුමක් ඇදගෙන කේෂිදුත් තීව්ර එක්කම කාර් එකේ ## හොටෙල් එකට ආවා...
ඩ්‍රයිවර් කාර් එකෙන් බැහැලා එහාට උනාම කාර් එකේ ඉතුරු උනේ තීව්රයි කේෂීදුයි විතරක් වෙද්දි කේෂිදු දිගටම තමන්ගෙ උකුලුඩ තිබුන අත් දෙක දිහා බලන් භාවනා කරන්න ගත්තෙ තීව්ර ෆෝන් එක දිහා බලන් ඉද්දි...
දීර්ඝ නිහැඬියාවකට පස්සෙ කේෂිදු කට ඇරින්න තීරණේ කරේ තීව්ර නම් මේ කපේට ෆෝන් එකෙන් එලියට එන්නේ නැහැ කියල තේරෙද්දි...මොකද දැන් එයාලා මෙතනට ඇවිත් විනාඩි විස්සකට වැඩී...
"ම්..මහත්තයා.."
"ම්ම්.."
කේෂිදු ඇහෙන නොඇහැනෙන ගානට එහෙම කතා කරද්දි තීව්රගෙන් ඒකට ලැබුනෙ හූමිටියක් විතරයි....ඒ නිසා ආයෙමත් තමන්ගෙ ඇගිලි ටික එකට පූට්ටු කර කර ඒ දිහා බලන් හිටපු කේෂිදු ගැස්සිලා ගියේ සාක්කුවේ තිබ්බ ෆෝන් එක රින්ග් වෙන සද්දෙට...
YOU ARE READING
අවිනිශ්චිත හෝරා..
Non-Fictionහද පැරීයන්නම විරහ හීයෙන් හද තුලට විදින ඒකපාර්ශ්වික ප්‍රේමයේ තැවුල් උරුම හිමිකාරියනි, ඇවිද යමු ඒකපාර්ශ්වික ප්‍රේමයේ ගැඹුරුතම තැන් සොයා... රාගයම පමණද ඒ හිත් තුල???? අවිනිශ්චිතයි..... ආදරය බිඳක් හෝ නැතිද ඒ හිත් තුල???? අවිනිශ්චිතයි..... සියල්ලම අවින...