ලා හිරු රැස් පොළව සිපින මල් කැකුලු අවදි කරවන හිමිදිරි උදෑසන ගැන නොයෙක් වර්ණනා කන වැකුණද ඒ සියල්ලේ ඇත්තේ අතිශෝක්තිය පමණක් බව දැඩි ලෙස විස්වාස කරන දහ අට හැවරදි පාසල් තරුණයා පොරවා සිටි බ්ලැන්කට්ටුව තුල තව තවත් ගුලි වූයේ දහ වෙනි වතාවටද නොනැවතී හඬ නගන එලාම් ඔරලෝසුවට කාමරයේ නොපෙනන කෙලවරකට පාර කී පසුවයි.
" නේතන් නැගිටින්න ළමයෝ ඉස්කෝලේ යන්නේ නැත්ද?"
" අනේ අම්මා අද බෑ වගේ "
" ඔයාට කවත්ද පුළුවන් වුනේ කෝ නැගිටුන්න තාත්තා කෝට්ට අරන් එන්න කලින් "
පෙර දින පැවති අයරීන්වුඩ් නගරයෙහි වාර්ශික උත්සවයට සහභාගි වීමෙන් පසු බොහේ රෑ බෝවි නිවසට පැමිණි නේත් පාසල් යාමටත් වඩා උදෑසන අවදිවීමට ඇති වූ මැලි කම නිසා ඇදේ පෙරළි හුන්නද මාර්තා විසින් ඩේවිඩ්ගේ කෝටු පාර මතක් කල බැවින් මැලි කඩමින් නැගී සිටියේ එහි පාර කා ඇත්තේ එක් වරක් පමණක් වුවද එහි රස කිසිදා අමතක නොවන බැවින්.
මවගේ පෙරැත්තයට අවනත වී අවදි වූ නේත් සුපුරුදු පරිදි පාසල ආරම්භ වීමට සුලු මොහොතකට පෙර වැසීමට ආසාන්න ගේට්ටු පියන් තුලින් රිංගා ගත්තේ නේත්ගේ පැමිණීම බලාපොරොත්තුවෙන් ජීහන් ඇගිලි ගනිමින් සිටියදී...
" සුබෝදෑසනක් "
" සුබෝදෑසනක් නෙවේ නේත් දන්නවද අලුත් ආරංචිය ?"
දමාගෙන පැමිණි බෑගය පුටුවේ එල්ලා හිද ගැනීමටත් පෙර ජීහාන් ඔහු නේත් පැමිණෙන තුරු සිර කරගෙන සිටි රහස මුදා හැරීමට සැරසුනා.
" මට කියන්න එපා මිස් ලින්ඩා අපේ ගනන් සෑර් එක්ක පැනලා ගිහින් කියලා නම්. එදාත් අර අස්සක මුකුලු කර කර ඉද්දී මට හිතුනා හැබැයි ඉක්මනට වැඩේ පත්තු වෙයි කියලා. මොනවා වුනත් මිස් ලින්ඩාගේ මහත්තයා පව්.වයසක මිනිහෙක්නේ "
" අනේ පිස්සෝ මොනවද කියවන්නේ? "
" ඇයි ඒක නෙවෙද වෙලා තියෙන්නෙ ?"
" නෑ නෑ එමා ඉස්කෝලේන් අස් වෙලාලු තාත්තට ලියුමක් ලැබිලා එයා අත්තම්මා එක්ක අත්තම්මගේ ගම් පළාතට යන නිසා ඉස්කොලෙන් අස් වෙන්වා කියලා "
VOUS LISEZ
|| CODE SIX (KOOKV) || (කෝඩ් සික්ස්)
Mystère / Thriller" උඹ කව්ද? " " මම? මම උඹේ මාරයා " I Rage like a fire bomb Burn like a pyre Rage like a fire bomb Burn it's what I'm built to do Even if I die, It's my time now, I'll make it my fight, It's my time now, Even if I die, It's my time now, I'll make it a...