පළමුවන කථිකාව

28 2 1
                                    

අලුත් ඍතුවක නැවුම් සුවද විදිමින් යාපහුවේ පියගැටපෙළක ආශ්වාදය විදිනවා කියලා හිතං තරප්පු පෙළ නගින එකත් සුමිහිරි වුණාට සුමිහිරි බව මදකට අමතක කරන්න වුණේ කාර්‍යාලයේ දොරට එහායින් ඇහෙන සද්දෙට ඉබේම දෙසවන් යොමු කරන්න වුණ හින්දයි.

" අලුත් ඉරක් පායලා අලුත් දිනක් උදා වෙලා. කුරුළු ගීත සිසල් සුළං ‍රැළි අතරේ පා වෙලා..."

  ඒ සද්දෙට කන් දීගෙනම කාර්‍යාලයේ දොර අරින්න යද්දිම දොරකඩ තිබුණේ සශ්‍රීකත්වයේ සංකේතයයි. මදකට කලින් උතුරුවා නිවා දැමූ පිරුණු කිරි කළය දිහා බැලුණේ අද නව, වසරක නව ආරම්භයක සතුට දොරේ ගලන මොහොතකය. කාර්‍යාලයේ දොර අරින සද්දෙට දොර ළග මද සිහියෙන් අත් වැදං ඉන්න අක්කා ගැස්සුනේ ' මේ මොකෙක්ද මේ ' කියන්න හදන බැල්මකින්. පරිසරයේ ඒ වන විට තිබූ වාතාවරණය හමුවේ ඇයගෙන් පැනයක්වත් විමසීමට නොහැකි වූයේ ෆාදර්ගෙ සරල දේශනාවට හැමෝම කන් යොමු කරගෙන සිටි නිසාවෙන්. ආශිර්වාදිත පැන් ජලය මුළු කාර්‍යාලයටම ඉසින විටයි හැමෝගෙම ඇස් මගේ දිහාවට යොමු වුණේ. මැදි වයසේ මහත්තයෙක් වාරු නැති කලිසමත් උස්සං හනි හනිකට මං ගාවට ආවා.

" නමිදු "

නමින් නමිදු දෙව්රම් වීරසුරිය වන මා අපෙ අම්මගෙයි අප්පච්චිගෙයි එකම පුත්‍ර රත්නය. ජීවිතයට එන සතුටු කදුලු හිමි කරගෙන දුක අදුරු කුටියේ සිර කරන අහිංසක කොල්ලෙක් පමණයි මා.

" හැපි නිව් යර් සර් "

 " විශ් යූ සේම් නමිදු, මොකෝ එන්න පරක්කු වුණේ "

" එන ගමන් පල්ලියට ගිහින් ආවේ සර් ඒකයි එන්න චුට්ටක් එන්න පරක්කු වුණේ "

 " හරි නමිදු එන්නකෝ "

" ෂෙහාන්, අර ටික ඔක්කොම ලෑස්ති නේද "

ඒ එක්කම ආවේ චොක්ලට් පාට හමකට උරුමකම් කියන, ශර්ට් එකත් වැලමිට ගාවට නවාගෙන එන හැඩි දැඩි තරුණයෙක්. ඒ මුහුණ පුරාම විහිදුණේ නපුරුකමයි. සිනාවෙන සිනාවක පවා මුසු වී තිබුණේ රෞද්‍ර බවයි. මුහුණේ දැඩිව වැවුණු රැවුලත්, මැගී නූඩ්ලස් කොන්ඩෙත් අමුතුම ජීවයක් ඒ පෙනුමට එක් කළා. 

You've reached the end of published parts.

⏰ Last updated: Oct 09 ⏰

Add this story to your Library to get notified about new parts!

දෙව්රම්Where stories live. Discover now