" මොකෝ ඒයි ඔයා මාව ගන්න ආවේ.. "" ඇයි මට මන් බැදපු කෙනාව ගන්න එන්න බැරිද.. "
" පුළුවන් අනේ.. ඒත් මලයා තනියම නේ scl එකට එන්න ඕනේ මන් මෙහෙම ආවාම.. "
" එයාට තනියක් නෑ.. "
" තනියක් නෑ කියන්නේ.. "
" තනියක් නැති නිසා.. ඔයා පණ්ඩිත නොවී ඉන්නකෝ.. "
" දැම් එතකොට මන් පණ්ඩිතයා.. මොකටද පණ්ඩිතයන්ව කාර් වල දාගෙන යන්නේ.. මාව මෙතනින් බස්සලා යන්න.. මන් තනියම යන්නම්.. ඕනේ නෑ බොරුවට ඔයා එක්ක යන්න.. "
" මොකද මේ තරහා ගන්නේ.. මේ චූටී පූස් පැටියට තරහා ගියාද.. "
ඩැනියෙල් මගේ මූණ මිරිකුවා ඩ්‍රයිවරයා දැක්කොත් ලැජ්ජාවේ බෑ..
" එහාට වෙන්න අනේ.. මන් එක්ක කතා කරන්න එපා ඔයා.. "
" තරහා ගන්න එපා ඔහොම.. වයසට යයි ඔයාව.."
" මාව නේ වයසට යන්නේ.. ඔයාව නෙමේ නේ.. "
මන් ඩැනියෙල්ගේ අත ඇදලා අරගෙන හයියෙන් හපලා අත ඇරලා අහක බලාගත්තා..
" මේ බලන්නකෝ මන් ඔයාට මොනවද ගෙනාවේ කියලා.. "
" ......... "
" මේ බලන්නකෝ.. කෝ ඉතින්.. හැබැයි මන් තනියම කනවා.. "
මන් හොරෙන් ඩැනියෙල් දිහා බැලුවා.. කෑම එක්ක මට කොහොමත් තරහක් නෑ නේ... මිල්කා චොකෝ.........
" ඕනෙද.. "
" මන් එපා කිවුවේ නෑ නේ.. දෙන්න ඉතිම්.. "
" ආයේ තරහා ගන්න බෑ හැබැයි.. "
" නෑ අනේ ආයේ පැය දෙකකට තරහා ගන්නේ නෑ.. "
" පැය දෙකකට.. "
" ඔව් ඇයි පැය දෙක වැඩී වගේද.. පැය දෙක පැයක් කරන්නම් එහෙනම්.. "
" එපා එපා.. පැය දෙක හොදයි.. ආ මේක කන්න එහෙනම්.. ඔයාගේ තරහා අඩු වෙයි.. "
ඩැනියෙල් චොක්ලට් කොලේ කඩලා මට දුන්නා.. එයාගේ ඇස් කොයි වෙලෙත් දිලිසෙනවා.. පව් මේ මිනිහා කියලත් හිතෙනවා එක වෙලාවකට.. කොයි වෙලෙත් බයින්න හොඳ නෑ.. මොනවා උනත් වෙන්න bf නේ..
" ඔයා තමා ඒයි මේ ලෝකේ හොඳම.. "
ඩැනියෙල් හිනා වෙලා මාව එයාගේ ලගට ඇදලා ගත්තා..