13 කොටස

178 21 69
                                    


" කෝ බන් නංගි.. "

" ඒකි තාම ලෑස්ති වෙනවා එයි තව ටිකෙන්.. "

" උබ මොකද ශාලුක මේකගේ නංගි ගැන ඔච්චරම හොයන්නේ.. "

" නෑ ඉතිම් නිකම්.. "

" නිකන්ම වෙන්න ඇති මොකක් හරි හුටපටයක් තියෙන පාටයි.. "

" ඒක තමා මාත් බැලුවේ.. උබ මගේ මස්සිනාවත් වෙන්නද යන්නේ.. නංගිත් කොයි වෙලෙත් මූ ගැනම කොයෝනවා.. "

ඒ එක්කම මන් ඉස්සරහා ඉදගෙන හිටපු ඩැනියෙල් දිහා බැලුවා.. මූ මාව කන්න වගේ බලාගෙන ඉන්නවා.. ඇයි දෙවියනේ ඔහොම බලන්නේ මන් මුකුත් කලේ නෑ නේ.. මේ ගොන් බස්සාගේ ඉරිසියාව වෙන මුකුත් නෙමේ... හුම් බය වෙන්න එපා ඒයි මන් ඔයාගේ විතරයි..

" එහෙම දෙයක් නෑ බන්.. ඒකි මගේ නංගි වගේ එච්චරයි.. "

" අනේ ඔයාලා හැමෝම ආවද.. කෝ මගේ ශාලුක අයියා.. ඇයි අනේ ඔයා හැංගිලා ඉන්නේ.. "

" හැංගිලා නෙමේ හිටියේ ඉතිම්.. ඔයා මාව දැක්කේ නෑ නේ.. "

" ඒක නේ අනේ.. මට hug එකක්වත් දෙන්නේ නැද්ද.. හොද නෑ ඔයා.. "

එහෙම කියලා ජෝර්ජා මන් හිටිය පුටුවට පැනලා මාව තුරුල් කර ගත්තා.. දැම් ඉතිම් හරි හොද හොද කතා කියයි.. මට මේකිව නංගි වගේ උනාට අනිත් උන් හිතන් ඉන්නේ මන් මේකිට ලයින් මේකි මට ලයින් කියලා.. ඇයි දෙවියනේ මටම මෙහෙම වෙන්නේ අනික ඩැනියෙල් ඉස්සරහාම..

" ඇයි අනේ ඔයා මාව තුරුල් කරගන්නේ නැද්ද.. ඇයි ඒයි කට්ටිය ඉන්න නිසා ලැජ්ජ හිතුනද.. "

" හයියෝ නෑ නෑ.. "

මන් ජෝර්ජාගේ ඔළුව අතගාලා එයාගෙන් එහාට උනා.. මගේ ඉරිසියාකාර ගොන් බස්සා ඔරෝලා ඔරෝලා දැම් පොට්ට වෙනවා මෙහෙම ගියොත්..

අපි ෆ්ලැට් වල හිටියට අරෝන්ටයි ලෙයෝටයි තියෙන්නේ විල්ලා ඒ කියන්නේ මුළු වත්තටම තියෙන්නේ එයාලගේ ගෙදර විතරයි.. මේගොල්ලෝ ඉතිම් සල්ලිකාරයෝ නේ විල්ලා එකක ඉන්න එක අහන්නත් දෙයක්ද නේ..

ඒ එක්කම කාර් එකක් ඇවිල්ලා ඉස්සරහින් හිටෙව්‍වා..

" අනේ මගේ යාලුවෝ ඇවිල්ලා.. "

 SANDA RAAKA | ONGOING ✫Où les histoires vivent. Découvrez maintenant