" ඉතින් මහන්සිද නටලා.. "
" ඔව් මහන්සියි.. "
" ම්ම් මට පේනවා මහන්සියි කියලා.. ලස්සනට අර කෙල්ලගේ ඉන වටේ අත දාගෙන හරි ආසාවෙන් නේ නැටුවේ.. "
මලයා ඒඩ්රියන්ගේ මහන්සිය ගැන හරියට වද වෙනවා වගේ.. මගේ මහන්සිය ගැන අහන්න තමා කවුරුත් නැත්තේ.. මන් ඉතිම් දැම් මගේ වෙන්න bf ව යාලු කරගන්න ඕනෙනේ..
මේ ගොන් බස්සා මටත් ගස්සගෙන ගිහිල්ලා පුටුවෙන් ඉදගත්තා.. හරි වැඩක් උනානේ මේක මන් හිතලා නටන්න ගියේ නෑනේ..
" මේ.. "
" බාත්රූම් එක කොහෙද.. "
" උඩ තියෙන්නේ එන්න මන් එක්කන් යන්නම්.. "
එන්සෝට බාත්රූම් එක පෙන්නන ආරෝ එන්සෝ එක්ක උඩට ගියා.. මලයයි ඒඩ්රියනුයි මොනවා හරි කුටු කුටු ගා ගා ඉන්නවා.. ජෙම්ස්වුයි ලෙයොයි කාර් ගේම් එකක් ගහනවා.. ගොන් බස්සා යක්සයා අරූඩ වෙලා වගේ ෆෝන් එක ඔබ ඔබ ඉන්නවා.. දැම් නම් චූ බරකුත් එනවා.. මාත් චූ දාලා ඇවිත්ම ගොන් බස්සව යාලු කරගන්නවා..
මන් ආරෝලා ගිය පැත්තට පඩිපෙළත් නැගගෙන ආවා.. ආරෝගේ රූම් එකේ දොර ඇරලා තිබුණා.. ඒ උනත් කවුරුත් පේන්න හිටියේ නෑ.. බාත්රූම් එක පැත්තෙන් කවුරු හරි කතා කරන සද්දක් ඇහුණ නිසා මම හිමිට දොර ලගට ලන් උනා..
" කවුද ඒ කෙල්ල..!! "
" නංගිගේ යාලුවෙක් නේ සුදූ... "
" අනේ යන්න බොරු කියන්න එපා මට.. එයා ඔයාගේ gf කියලා කියන්නේ ඇයි හැමෝම.. අනික එයා ගාවම ඉදගෙන හිටියේ හරි ලස්සනට.. "
" ඒකි මට ලයින් ඒ නිසා වෙන්න ඇති.. "
" ආ හරි ලස්සනයි.. ලයින් කියලා දැන දැන ඒ කෙල්ලගේ ඉන වටේ අත දාගෙන ලස්සනට නැටුවේ.. අනේ හරි ලස්සනට හිනත් උනා.. ඒ හිනාව එළියට එන්නේ කෙල්ලෝ එක්ක නටද්දී වෙන්න ඇති නේද මහත්තයෝ.. "
" අනේ නෑ සුදූ... මන් හිනා උනේ නෑ.. ඔහොම තරහා ගන්න එපා.. "
" සුදූ සුදූ ගාගෙන එන්න එපා.. ඒ කෙල්ල එක්කම නටන නාඩගමක් නටාගන්න එකයි ඇත්තේ.. "
" එහෙම කියන්න එපා සුදූ.. මන් ඉතින් ආදරේ ඔයාට විතර නේ මට ඔය එක කෙල්ලෙක්වත් එපා ඔයාව විතරයි ඕනේ.."
VOCÊ ESTÁ LENDO
SANDA RAAKA | ONGOING ✫
Romanceසඳ එලිය දිගේ ආදරේ අරගෙන එන රහස් අමුත්තාගේ කතාව... _සඳ රෑක_