බොදවූ සිද්ධීන් දාමයක් එකිනෙක මතකයට ගලා ඒමත් සමග එවාගේ එකිනෙක සම්බන්ධයක් වටහා ගත නොහැකිවූ අවුරුදු දහ අටක තරුණියගේ අවසාන බොදවූ මතක අතර නිදා සිටි තම මිත්තනියට සොරා නිවසෙන් පිටවීමත්. තම පෙව්වතා සමග අයරීන්වුඩ්හි වාර්ශික උත්සවයට පැමිණිමත් පෙම්වතාගෙන ලැබුන බීම වීදුරුව රස බැලීමෙන් පසු ඇතිවූ මත් ගතියත් ඉන්පසු ලෝගු වැනි අදුම් හැදි කිසියම් පිරිසක් ඇයව වට කර යම් කටයුත්තක නියලීමත් වූවා.
තමා තවමත් නපුරු සිහිනයක අතරමං වී ඇතැයි සිතූ තරුණිය අසීරුවෙන් වූවද දෑස් විවර කිරීමට තැත් කලේ වෙනදා මෙන් තම මිත්තනියගේ තුරුලෙහි අවදි වීමේ අටියෙනි.
" ජෙනී කෙල්ලට සිහිය එනවා වගේ. නැගිට්ටම මේ ටික බොන්න දෙන්න "
" මම බලන්නම් ඒ ගැන "
තමා අසලින්ම ඇසෙන අපහැදිලි හඩවල් වලටද අවධානය දෙමින් තරුණිය දෑස් විවර කලේ එවියට දැනෙන යටි බඩෙහි වේදනාවක්ද සමගයි.
දෑස් විවර කල පසු පෙනෙන නුහුරු වටපිටාව හා එහි වූ ආලෝකයට දෑස් හුරු කර ගැනීමට තැත් කල තරුණියට මැදි වියෙහි යැයි කිව හැකි කාන්තාවක් තමා අසලම හිද සිටිනු දැක ගත් හැකි වූවා.
" ඔයා කවුද ? කෝ මගේ අත්තම්මා ? "
" නැගිටින්න "
තරුණියගේ පැණයට පිළිතුරු බදිනවා වෙනුවට ඇයට නැගී සිටීමට උපකාර කල කාන්තාව ඇය අත වතුර වීදුරුවක් හා යම් බෙහෙත් පෙති කීපයක් තැබුවේ තරුණිය වික්ශිප්තව ඒ දෙස බලා සිටින අතරයි.
" මේ මොනවද? මට මොකටද බෙහෙත් ඔයා- ඔයා කව්ද?"
" මගෙ නම ජෙනී. අද ඉදන් ඔයාව බලාගන්නේ මම "
" මාව බලාගන්න? ඒ මොකටද? මං කොහෙද ඉන්නෙ මට අත්තම්මා ලගට යන්න ඕනි "
" දගලන්න එපා දැගලුවොත් ඔයාටමයි වේදනාව "
අත තැබූ වීදුරුවද බෙහෙත් පෙති කීපයද පසෙකට විසි කරමින් හිද සිටි සයනයෙන් නැගිටීමට උත්සහ කරන තරුණියව වළක්වමින් ජෙනී එසේ පවසන විට ඇගේ ස්වරයෙහි වූ අනුකම්පා සහගත බව වටහා ගත් තරුණියට හැඩුම් ආවේ ජෙනී පැවසූ ලෙසම දැගලීම නිසා යටි බඩෙහි ඇති වූ වේදනාව තවත් උත්සන්න වූ බැවින්.
ESTÁS LEYENDO
|| CODE SIX (KOOKV) || (කෝඩ් සික්ස්)
Misterio / Suspenso" උඹ කව්ද? " " මම? මම උඹේ මාරයා " I Rage like a fire bomb Burn like a pyre Rage like a fire bomb Burn it's what I'm built to do Even if I die, It's my time now, I'll make it my fight, It's my time now, Even if I die, It's my time now, I'll make it a...