සති දෙකකට පසු..
" බබා පව්"
"ඇයි මොකෝ බබා පව් කියන්නේ ?"
" බබාව හැමෝම දාලා යන්න හදන්නෙ.. "
"කවුද?"
" අම්මා..ඊයෙ බබාගෙ බර්ත්ඩේ එක..බබා ආසාවෙන් හිටියේ කේක් කන්න.. ඒත් අම්මියි ඩෑඩුයි රණ්ඩු උනා..බබාව එයාලා අමතක කරා"
" එතකොට මොකද උනේ?"
" එයාලා බබාව එක්කගෙන ගියා මිනිස්සු ගොඩා...ක් ඉන්න තැනකට..අම්මි ඩෑඩ්ගෙන් මාව ඈතට අරන් ගිහින් කිව්වා ඩෑඩ්ව තෝරගන්න කියලා .. මම දන්නෙ නෑ..බබීට බයයි.. එයාගෙ බෝනික්කත් යුගී අරන් ගිහින්.. අත්තම්මා කොහෙද දන්නෙ නෑ..බබා ඇඩුවා අම්මිට කියලා "
" මොනාද ?"
"දාලා යන්න එපා කියලා ..අනෙ..බබීව දාලා..යන්න එපා..එපානෙ..යුගී..අට්ටම්මි..අනේ..ඩෑඩ්..අයිගෝ..එයාලා යනෝ..බබා..බබාට දුකයි..මට කවුදෝ කීවා අම්මිවයි ඩෑඩ්වයි දෙන්නගෙන් එක්කෙනෙක් තෝරගන්න කියලා . අනේ..අම්මි රවපු නිසා මම ඩෑඩ්ව තෝරගත්තානෙ..ඒත් අම්මි..එයා ගියා.."
"අම්මා යන එකට ඔවීට දුක නැද්ද ?"
" අම්මි හැමදාම රෑට ගෙදර එන්නෙ. එයා කොහේදෝ යනෝ බබාව දාලා.. එතකොට.. එතකොට බබා තනියම සෙල්ලම් කරෙ..මම හිතුවෙ මේකත් අම්මි යන එහෙම ගමනක් කියලා .. ඒත් අම්මි බබාව දාලා යනෝ කියලා තේරුනෙ ඇදුම් ගොඩාරියක් බෑග් එකකට දාගද්දි. "
"බබා එතකොට මොකද කරේ.."
" ඇඩුවා..අනේ අම්මි..බබා දාලා යන්න එපා...අම්මි..අම්මි..බබා හොද ලමේක් වෙන්නම්..අනෙ...එපානෙ..අනෙ..බබීට..යුගී..නෑ..එයත් ගියා..අම්මිත් යනෝ...ඩෑඩ්..අනෙ...අනෙ..අම්මි"
"උබ නිසයි ඔක්කොම උනේ..තෝව වැදුවෙ නැත්තම් අද ඔක්කොම සතුටින් යකෝ.. තෝ නිසයි ඔක්කොම උනෙ..මගෙ හැමදේම තෝ නැතිකරා.."
" අනේ නෝනා..බබාට ගහන්න එපා.. අනේ නෝනා.."
" එහාට වෙයන් ලීලා..මේ මූසලී නිසයි ඔක්කොම උනෙ.. උබ පලයන් ..මේකිව අර මිනිහා මරාගෙන කෑවත් මට කමක් නෑ..මේකිව මහ එකා ගාවට ගෙනිච්චම ඒ පවුලම මේකි ගිනි තිබ්බා..උබ මගෙ මිනිහව මරාගත්තා ඔවින්ද්යා . තෝ යන තැන අපලයි මූසලී.කාලකණ්ණි කමට තෝ මට ඉපදුනෙ.."
YOU ARE READING
නෙත් මානේ | GL
Não Ficção"ඒ රිදුම් නිවී මා හදේ ඈ ළඟින් රැදීලා වගේ සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා" අමිත්යා × උපුනි