"අප්පච්චි ඕකට ලුණු බැලුවද... "
" ඒක හරි... ඕක බලා ගනනි බන් බඩගිනි.. "
දිල්ගේ අම්මා නැති දවස් වලට කොහොමත් මේ අප්පච්චිටයි සුදූ දු ටයි දෙය්යගේම පිහිට තමා..... දැන් උනත් දයාන් හිටියේ අත කපාගන වෙද්දී.... දිල් හිටියේ වතුර පිටින් තෙල් දාන්න ගිහින් මුණත් ලාවට පුච්ච ගෙන...
කුස්සිය ගන්න දෙයක් නෑ... දිල් ගේ අම්මා හිටියනම් පපුවේ අමාරුව අල්ලලා මැරෙන්නේ...
" අනේ අප්පච්චි මොන ට යන්නක්ද මේ... "
" යකෝ මගෙන් අහන්නේ... උබ කෙල්ලෙක් නේද උයන්න දැන ගන්න එපෑ.. "
" මම උ යන්න විතරක් නෙමේ හෝඩියම දන්නවා අප්පච්චි.... "
" දෙනවා මම.. හෝඩියම දන්නවා... කෙල්ලෙක් උනාම මේ දේවලුත් දැනගම්න ඕනෙ...නැත්තම් සුදු දුට මිනිහගෙන් ගුටි කන්න වෙන්නේ... "
" ඒ මන් බැන්දොත්නෙ අප්පච්චි... "
" ඇයි එහෙම අදහසක් නැද්ද... "
තියෙනවා තියෙනවා හැබැයි මිනිහෙක් නම් නෙවෙයි දිල් බදින්න හිතන් ඉන්නෙ....
" තියෙනවා... හැබැයි එහෙමම අදහසක් නෙමේ... "
" කොහොම අදහසක් ද දන්නෑ... හැබැයි පරම්පරාවම හෙල්ලිලා යන අදහසක් වගේ... "
" පොඩ්ඩක් හොල්ලලා ගද්දි ආතල් නෙ අප්පච්චි..."
" ආතල් පිස්සු නටන්න එපා... මගේ නම්බුවත් එක්ක "
දයාන්ගේ මේ සයිඩ් එක දැකලා තියෙන්නේ ගායාරයි දිලුයි විතරයි...
මනුස්සයෙක්ගේ හොදම යාලුවෝ වෙන්න ඕන තමන්ගේ දෙමාපියෝ කීවට කව්ද ඇත්තටම එහෙම කරේ... හැබැයි දිල් ගේ නම් අම්මයි අප්පච්චි පොඩි කාලේ ඉදන් දිල්ට හොද යාලුවෝ උනා... ඉතින් සමහර වෙලාවට දිල්ගේ භාශා ශයිලියට බයින දයානුත් ඒ විදිහට කතා කරනවා...
" අපරාදේ කඩෙන් කන්න තිබ්බේ.... සල්ලි නෑ වගේ උයන් කන්න ගියා.. "
අන්තිමේදී කර වෙලා රෝස් වෙලා තිබ්බ මේ දෙන්නගේ කෑම වෙනුවට එළියට ගිහින් ඩිනර් ගත්තොත් හොදයි කියලා හිතිලා දෙන්නා එළියට යන්න ලෑස්ති උනා....