Teenage Lovers - Part 01

3 1 0
                                    

O/L pass වෙලා අලුත් ඉස්කෝලෙකට ගියෙ ගෙදර අය කියපු නිසා..

හිටපු ස්කොලෙ දාල යන්න කැමැත්තකින් නෙමේ හිටියෙ..

ඒත්, මගෙ affair එක ගෙදර අය දැනගත්තට පස්සෙ කොහොමත් ස්කොලෙන් අස් කරනව කියල තමා අම්ම කිය කිය හිටියෙ..

සිද්ධ වෙන්න ගිය ලොකු විනාශයක් තප්පරේකින් බේරුණ වගේ තමා ඒ affair එක නැවතුනේ.. ඒත් ඒ ගැන කිසිම හැගීමක් දැන් නැහ් ..

අකමැත්තෙන් උනත් අලුත් ස්කොලෙට කොහොමහරි යන්න උනා..කලිනුත් mix ස්කෝලෙක ඉදල ආපහු mix එකකට දාන්නෙ නෑ කිව්වට අම්මට girls එකකට මාව දාන්න හම්බුනෙ නැහ්..

ඒ වෙනුවට ලංකාවේ ප්‍රසිද්ධ ස්කොලයක් හම්බුනා..

කලින් එකේදි වගේ මේකෙදිනම් කොල්ලෙක් එක්ක පැටලෙන්නැතුව ඉන්න කියලා අම්මගෙන් හම්බුණ දාර්ශනික උපදෙස් ටිකත් ඔලුවෙ තියන් මන් A/L වලට 12 වසරෙ ලමයි පිලිගන්න උත්සවේට ගියෙ..




ආදරේ කියන්නෙ මේ වයසෙදි අපිට විරුද්ධ පාර්ශ්විකයන් ගැන ඇතිවෙන හැගීමක්..


ඒක මන් කොහොමද නවත්තන්නෙ, මෙ වයසෙදි කුතුහලෙන් ගෙවෙන ජීවිත මෙව්ව මේ වයසෙදි කියල හිතන ගමන්,

ඒක අම්මට කියන්නෙ කොහොමද කියල හිත හිත අපිට එන්න කියලා තිබ්බ main hall එකට ගියා ..

අපිව පිලිගන්න හිටියෙ 13 අය..

ඉන්න කාවවත් අදුරන්නෙත් නෑ..
එක එක විදිහෙ ලමයි.. main hall එක පිරෙන්නම ලමයි..මන් යද්දිත් ටිකක් පරක්කු වෙලා..


ඉස්සෙල්ලම යන නැටුමෙ භාගයක් ගිහිල්ලත් ඉවරයි..

ඉදගන්න කියලා හදද්දි පුටුවක් නැහ්..පුටුවල එන ලමයින්ගෙ නම් ගහල තිබ්බනම් මගෙ පුටුව කොහෙ හරි තියෙන්න තිබ්බ..


සිකේ..


දැන් හිටගෙන ඉදහන්කො..

ඔඩොක්කුවකට යන්නයැ.. ඉන්න එකෙක්වවත් දන්නෙත් නැතුව..

13 වසරෙ අපිව පිළිගන්න හිටපු කට්ටියක් නම් ඉන්නව දොර ගාව..

ඒක දැකල එයාලගෙන් පුටුවක් ඉල්ලගන්න කියලා හිතන් ස්ත්‍රී ගැම්ම අරන් කෙළින්ම ගිහින් ඇහුවෙ මට ඉදගන්න පුටුවක් නැද්ද කියලා අහන්..


Eww...

අහපු මෝඩකම්..

කොහෙන් ගියත් ඉන්නවනෙ ඇඹලයො සෙට් එකක්.. හැම තැනකම පැණි හල හල ඉන්න..

පුටුවක් නැද්ද කියලා ඇහුව ගමන්,

" පුටුවක් නම් නෑ..  හැබැයි මන් ඉදන් ඉන්න පුටුව දෙන්නත් බෑ.. ඕන්නම් ඔඩොක්කුවෙන් ඉදගන්න "

කියල මොකාද එකා වගේ කියෝගෙන ගියානෙ එකෙක්..



මහ.. thiricana..


තිරිසන්නු නෙවේ තිරිකන්නු..

මට මගෙ පිහිටම තමා කියලා හිත හදන් කට වහන් හිත හදන් ඇවිත් හිට ගෙන හිටිය ..

එතකොට 13 අයිය කෙනෙක් ඇවිත් මට පුටුවක් දීලා ගිහින් එයා හිටගත්තා..

එයා ඉදගෙන හිටපු පුටුව තමා දිල ගියෙ..

නිකන් දෙනවනම් ඕන දෙයක් කියලා හිතන් එයාට තෑන්ක්ස් කරලා මාත් ඉදගත්තා..

හරිම පරාර්ථකාමි.. 😌

බ්ලා බ්ලා..

පිළිගන්න උත්සවේ ඉවර වෙලා අපි හැමෝවම පන්ති වලට බෙදලා එක්කන් ගියා පන්ති ගාවට..

මාත් අනිත් අයගෙ පස්සෙන්ම ඔහේ ගියා..

ගිහින් පන්තිය ගාව ළමයි පිරිල ඉද්දි මාත් අස්සකට රිංග ගත්තෙ නම් චෙක් කරල පන්තියට දාන හින්ද..

නම් කියල කියල,

අන්තිමට...



W.K. ආත්මි තෙහාරා.....


___________________________________



පළවෙනි එපිය මෙච්චරයි..

කතාව දෙන්න පරක්කු වෙයි ටිකක්..

ඒකට smwenn..

දෙවෙනි එපියෙන් හම්බෙමු..

Comment එකක් දාන්න….

කතාව කොහොමද කියලා ..

වැරැද්දක් තියෙනවනම් ඒකත් කියන්න.. කතාව ලස්සන වෙන්න වැරදි අඩුවෙන්නෝනෙනෙ.. ඒකට ඔයාලගෙ උදව්ව ඕනෙ..

🤍🙃

Lil_girl 🤍

You've reached the end of published parts.

⏰ Last updated: Oct 13 ⏰

Add this story to your Library to get notified about new parts!

Teenage lovers 🤍Where stories live. Discover now