29 වන පරිච්ඡේදය

1.4K 39 8
                                    

" හොදයි තමා. ඒත් ලගට එන්න එපා"

" බෑ මං එනවා. හේතුව කියන්න"

"මං ලගට එන්න එපා. මං දවස් ගානකින් නාලා නෑ. තව දවස් ගානක් යනකන් නාන්න වෙන්නෙත් නෑ. ඒකයි"

රන්වීර් අසරන මූනින් කිව්වේ දවස් 21 ක් යනකන් නාන්න හොද නැති නිසා.

" අයියෝ ඕකද හේතුව. මෙන්න මෙහෙන් ඉදගනින්. මං උබව ඉබින්න යන්නේ නෑ"

සාරන්‍ය කිව්වේ හිනා වෙවී. හැබැයි ඔය අතරේ රන්වීර් හිටියේ හරිම අපහසුවෙන්. මොකද  දවස් ගානක් යනකන් වේලිලා තියෙන ඔලුවේ ඌෂ්න ගෙඩි දාලා ඒ වේදනාවෙන්. රන්වීර් සරෙන් සැරේට ඔලුව අල්ල අල්ල හිටියේ.

" ඔලුව කැක්කුමද තාම"

සාරන්‍ය  ඇහුවේ රන්වීර් නිතරම ඔලුව අල්ලන නිසා.

" නෑ ඔලුවේ ගෙඩි දාලා . ඉන්න බෑ රිදෙනවා"

" කෝ බලන්න"

සාරන්‍ය  රන්වීර් ගෙ ඔලුව බලන්න ගත්තේ කැමැත්තෙන්මයි. රන්වීරුත් අකමැත්තෙන් උනත් හිටියා ඉතින්.

" ගොඩක් ගෙඩි දාලාන්‍රෙ රන්වීර් . සමහර ඒවා හොදටම තුවාල වෙලා.."

" හ්ම්ම්. ඒවා තමා රිදෙන්නේ"

" ඉන්න මං හෙමින් සැරේ තුවාල සුද්ද කරන්නම්."

සාරන්‍ය ඉතින් පුලුනුයි සේලයින් වතුරයි අරන් ඔලුවේ තිබ්බා ගෙඩි එකින් එකට මිරිකන්න ගත්තා. ඒ ගෙඩි වලින් ආවෙ මයෝනයිස් වක්කරනවා වගේ සැරව. සාරන්‍ය කිසිම පිලිකුලක් නැතුව තමන්ගේ අත් වලින්ම අයින් කරේ තමන්ගේ ආදරේ වෙනුවෙන් ඕන දෙයක් කරන්න පුලුවන් නිසා.

තවත් කෙනෙක්ට මේක අප්‍රසන්න උනත් සාරන්‍ය මේ දෙ කරේ පුදුම කැමැත්තකින්. රන්වීර් ට  උනත් මේ විදිහට තුවාල ටික පිරිසිදු වෙලා සැරව අයින් උනාම ඔලුවට මාර සනීපයක් දැනුනේ. සාරන්‍ය  ඔලුවට දීපු සනීපයට රන්වීර්ට ඇසුත් පියවුනා. ඒක ඒතරම් සනීපයක්. සාරන්‍ය ඒ විදිහට තුවාල ඔක්කොම සුද්ද කරලා බෙහෙත් දාලා රන්වීර් ගෙ වැවිලා තිබ්බ කොන්ඩේ ලස්සනට පීරුවා. දැන් රන්වීර් දැනුනේ නැවුම් ගතියක්.

" Thank you  සාරන්‍ය . දැන් නම් ඔලුවට සනීපයි."

" එහෙම තමා මං මොනවා හරි කරොත්"

අසම්මත පෙම ( BL Story ) Unrequited loveWhere stories live. Discover now