ජන්කුක් එයාගෙ company එකට ගියෙ හදිසි ෆයිල් එකකට අත්සන් කරන්න...ජන්කුක් එයාගෙ කැබින් එකට යනකොට ජන්කුක්ගෙ සෙකට්රි ලියා ෆයිල් එකකුත් උස්සගෙන කැබින් එක ඉස්සරහ හිටගෙන ඉන්නවා..
💛 සර්..
" ඉක්මනින් කියනවා කාගෙ කන්ට්රැක්ට් එකක්ද.."
💛 සර් ජන්ග් කොපරේට්ෂන් එකේ..
" හ්ම් ෆයිල් එක ඇතුලෙන් තියලා යනවා.."
💛 හරි සර්..
ජන්කුක් ඇතුලට යන ගමන් කිව්වම ලියා ඇතුලට ඇවිත් ෆයිල් එක තියලා එලියට යන්න ගියෙ මූන තැලිච්ච තක්කාලි ගෙඩියක් වගෙ කරගෙන..
" ලියා.."
💛 සර්
" මට කොෆී එකක් එවන්න "
ජන්කුක් ෆයිල් එක බලන ගමන් ලියා දිහා නොබලම කිව්වා..
ජන්කුක් එහෙම කිව්වම ලියාගෙ මූණ තිබුන විදිහනම් ජන්කුක් දැක්කෙ නැ..ලියාගෙ මූන එහෙම වෙන්න හේතුවනම් උනෙ එයාගෙ බොස් නැත්නම් ජන්කුක් එයාව ගනන්ගත්තෙ නැති නිසා🤣
💛 හරි සර්..
ලියා කැබින් එකෙන් එලියට ගියා..
වානාඩි පහලවකට පස්සෙ ජන්කුක් ඉල්ලුව කොෆී එක එයාට ලැබුනා..
@at jeon mansion......
" ආහ්..වතුර තිබහයි.."
තේහ්යුන් එයාගෙ උගුර පිරිමදින ගමන් ජන්කුක්ගෙ කාමරේ දොර ලග එහාට මෙහාට ගියෙ වතුර ටිකක් ඉල්ලගන්න ක්රමයක් කල්පනා කරන ගමන්..
" අනි කවුරුත් නැද්ද..හෙලෝව්..මාව ඇහෙනවද..කව්රැහරි මට වතුර ටිකක් දෙනවද.."
තේහ්යුන් දොරට කන තියාගෙන එක අතකින් දොරට ගහන ගමන් කතා කලෙ එයාව ඇහිලා එයාට වතුර ටිකක් දෙයි කියලා හිතලයි..
ඒත් තේහ්යුන් දන්නෙ නෑනෙ එතන පේන මානෙක කවුරුත් නෑ කියලා වගේම තේහ්යුන් ඇතුලෙ ඉදන් කතා කරන වචනයක්වත් එලියට ඇහෙන්නෙ නැ කියලා..
" ආහ්..."
තේහ්යුන් දොරට පිට දීලා එතනම ඉදගෙන දොරට ඔලුව හේත්තු කරගත්තා..
" ඉහිම් 🥺දැන් තමයි නොකාපු එකෙ වරද තේරෙන්නෙ.."
තේහ්යුන් එහෙම හිතලා ටිකක් කල්පනා කලා..
ටිකකින් එතනින් නැගිට්ට තේහ්යුන් කෙලින්ම ගියෙ වොශ් රෑම් එකට..
ලොකු මිරර් එකක් එක්ක තියෙන සින්ක් එක ලගට ගිය තේහ්යුන් මිරර් එකෙන් එයා දිහා බැලුවා..
උදෙ ඇන්ද වෙඩින් සූට් එකෙන් තවම එයා..ඒ වගේම උදේ දාපු මේකප් තවම එයාගෙ මූනෙ..
එයා දිහා ටිකක් බලාගෙන ඉදලා සින්ක් එකට නැමුන තේහ්යුන් ටැප් එක ඇරලා මූන හෝදන්න ගත්තා..එතනම තිබුන ෆේස්වොශ් එක අරගෙන චුට්ටක් එයාගෙ අතට දාගෙන චුට්ටක් ඒවා අත් දෙකේම ගාගෙන එයාගෙ මූණ ගාලා හොදට සේදුවා..එකෙන්ම අත් දෙකට වතුර ටිකක් අරගෙන බීලා එතන තිබුන මූණ පිහින පොඩි ටවල් එකෙන් මූන පිහින ගමන් කාමරේට ගියා.." හ්ම්ම්ම්ම් "
හුස්මක් පිට කරපු තේහ්යුන් ජන්කුක්ගෙ ලොකු ඇදේ හාන්සි උනා..එයාට නිදිමතක් නෑ..ඒත් එයා ඇස් පියාගත්තෙ නින්දක් බලාපොරොත්තුවෙන්..
ටික ටික කාලෙ ගෙවිලා ගිහින් තේහ්යුන් නැගිටිනකොට රෑ 8.30 පහු වෙලා තිබුනා..
වොශ් එකක් දාගන්න ලොකු උවමනාවක් ආව තේහ්යුන් ඇදෙන් නැගිටින්න හැදුවත් බැරි උනේ එයාගෙ බඩ වටේ එතිලා තිබුන ලොකු අත නිසා..
තේහ්යුන් දන්නවා ඒ කව්ද කියලා..
මොකද ජන්කුක් ඇරෙන්න මේ කාමරේට කවුරුත් එන්නෙ නැ..අඩුම තේහ්යුන්ව මෙහෙම බදාගන්නවත් අල්ලන්නවත් කව්රුත් නිර්භීත වෙන්නෙ නැ කියලා..
" ම්ම්හ් බේබි නැගිට්ටද.."
ජන්කුක් එයාගෙ ගැඹුරු කටහඩෙන් ඇහුවම තේහ්යුන්ගෙ ඇග වෙව්ලලා ගියා.
To be continues~❤️🖇
වචන වැරදි ඇති සමාවෙන්න.. වැඩට යන ගමන් ටයිප් කලේ 🥹
බායි..
ලායූ😚❤️
🖇💕🌷Thinuu🌷💕🖇
