ආයෙත් වැඩ පටන් ගත්ත දෙන්නා වැඩේට බැස්සේ ගෙදර මිනිස්සුත් පුදුම කරමින්.
කොච්චර මහන්සියක් ආවත් වැඩේ අතෑරියේ නෑ. තිබ්බේ ගැම්මේ තරම කිව්වොත් දෙන්නා නිදා ගත්තේ ඊට පහුවදා උදේ.ඒ නිදා ගත්තත් පැය 2 කට වඩා නම් ඒ නින්දට වෙලාව දුන්නේ නෑ. මහන්සියෙන් බේරේන ඇස් එක්ක නැගිටපු දෙන්නට උදේම මූනට හම්බුනේ රසික.
" ආ බොක්කලා දෙන්නා සැපට නිදි. නැගිටපන් යකෝ. හෙට A/L පටන් ගන්නවා"
රසික , සාරන්‍යයි රන්වීරුයි දෙන්නා නැගිටින කොටම කිව්වා.
" මොකද යකෝ උදෙන්ම මේ පැත්තේ"
රන්වීර් එහෙම ඇහුවෙ උදේ 8 වෙනකොටම රසික එහෙ නිසා. මොකද කවදාවත් රසික මෙච්චර උදෙන් මෙහෙ ඇවිත් නෑ.
" මේ උබගෙ නෝට් මොනාද බන් තියෙන්නෙ. මං ගාව මුකුත් නෑ බන්"
" ඈ හු## . හෙට විභාගෙ තියන් උබ දැන්ද පගෝ නෝට් හොයන්නේ."
රන්වීර් ඇහුවේ හිනා වෙවී. සාරන්‍ය ත් ඒකට එකතු උනේ උදේම රසික ආපු හේතුවට හිනා ගිහින්.
" උබ මේ පාර ලියන්නද නෝට් හොයන්නේ."
" ඇයි බන් දවසින් ගේමක් ගහන්න බැරි වෙයිද."
" පුලුවන් පුලුවන් බන්. ශේපක් දා ගමු."
සාරන්‍ය කිව්වෙ අන්තිම මොහොතේ රසිකව අතරමං කරන්න බැරි නිසා.
" හැබැයි උබ අද දවසම අපිත් එක්ක වැඩ කරන්න ඕන පිස්සු නටන්නේ නැතුව."
සාරන්‍ය කොන්දේසියක් දැම්මේ සාරන්‍යට පුලුවන් උදව්ව කරන්නයි.
" ගේමක් ගහන්න පුලුවන්නම් ඕන මගුලක් බන්"
" ඒනම් හිටපන්කො අපි wash එකක් දාන එනකන්. උබ එතකන් මේ ටික බලාගනින්."
සාරන්‍ය නෝට වගයක් දීල එහෙම්ම ගියා wash එකක් දා ගන්න. රන්වීර් ඉතින් සාරන්‍ය එනකන් ආයෙත් නිදි කිරුවා.
ඉතින් රසිකත් බොහොම උවමනාවෙන් ඒ ටික බලන්න ගත්තා. රසිකට උවමනාවකට වඩා තිබ්බේ විභාගය ගැන බයක්. මොකද කොවිඩ් කාලෙදි කිසිම විදියකින් පොතක් ඇල්ලුවෙ නැති නිසා.
සාරන්‍ය ආවයින් පස්සේ රන්වීරුත් ගිහින් wash දාගෙන ආවා.
YOU ARE READING
අසම්මත පෙම ( BL Story ) Unrequited love
Romance"අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා ඔබ ගැන සෙනෙහස හිත තුල පිරිලා සම්මතයෙන් පිට ප්රෙමෙක වෙලිලා මග හැර යන්නට බැරිලෙස බැඳිලා" මේ කතාව ඔහු අන්සතු වීමට පෙර සිටම පෙම් කළ අයෙකු ගැනයි. ඉතින් අවසරයි මට දිගහැරුමට මෙම කතාව. ( මෙහි ගෙන එන සියලුම නම් ගම් මනඃකල්පිත...