19

60 4 0
                                    

අනිත් කිසිම කාමරේකින් සද්ද බද්දයක් නොතිබ්බත් විරාන් ඇවිල්ල නැවතුණු තැන තිබ්බ කාමරෙන් නම් ඇහුණෙ සෑහෙන්න දුර්වල වගේම වේදනාව කියන එක අතගාල බලන්න පුලුවන් තරමෙ කෙඳිරියක්. කූරු කූරු යකඩ බට වලින් හදපු දොරක් දාල තිබ්බ මේ පොඩි කාමරේ ඇතුලෙ ඉන්නෙ කවුද කියන එක එලියට නොපෙණුනේ තිබ්බ අඳුර නිසා.

විරාන් ඒ දොරට අඩියක් විතර මෙහායින් නැවතිලා හොඳ හුස්මක් ගත්තෙ නහයට දැනෙන ලේ වලින් එන මලකඩ සුවඳට ඉව අල්ලන දඩ බල්ලෙක් වගේ. ඇත්තටම කිව්වොත් මේ පොලොව යට තිබ්බ වධකාගාරෙ ඇතුලෙ මේ වෙලාවෙ හිටියෙ මීට විනාඩි ගානකට කලින් උඩ දි සමීර එක්ක කතා කරල ආව විරාන් නෙමෙයි. ඊට වඩා හාත්පසින්ම වෙනස් වෙච්ච අමනුස්සයෙක් කිව්වොත් හරි.

ලඟම හිටිය හයේ හතරෙ පොර දිහා බලල ඒ යකඩ කූරු දොර අරින්න කියල ඇස්වලින් ඉඟි කරල විරාන් බලන් හිටියෙ තමන් සතියක් තිස්සෙ දකින්න බලාපොරොත්තු වුණු මූණ බලාගන්න.

'හිටපු ආරක්ෂක ඇමති මහේන්ද්‍ර ලශීර් වර්ධනායක...'

ආරක්ෂාවට හිටිය පොර ඇරල දීපු දොරෙන් විරාන් ඇතුලට ගියේ ඇඳන් හිටපු ලෙදර් ජැකට් එකේ පොකට්ස් දෙකට අත් දෙකත් දාගෙන මාරම චිල් එකේ. හැබැයි ඇතුලෙ හිටපු කෙනාගෙ තත්වෙ නම් සෑහෙන්න වෙනස්.

බිත්තියට හේත්තු කරල හතර අතට විහිදුණු දෑත දෙපය බිත්තියම සෙට් කරල තිබ්බ cuffs වල හිර කරල තිබ්බෙ. විඳපු වේදනාවල තරම කියන්න වගේ බෙල්ල කඩාගෙන වැටිල තිබ්බ. මූණ පුරාම අඳුනගන්නවත් බැරි වෙන්නම ලේ වලින්ම වැහිල තිබ්බ ඒ ශරීරෙ ඇතුලෙ තාම පණ තියනව කියල හිතන එකත් මෝඩකමක් වගේ දැනෙන්නෙ දකින කෙනෙක්ට නම්.

ලඟට යන්න යන්න ඒ රූපෙ පැහැදිලිව පෙනෙද්දි විරාන්ගෙ මූණට මහ භයානක හිනාවක් ආවෙ උඩට කරල හිර කරපු අත් දෙකෙන් එකක මැණික් කටුවට අඟල් දෙකක් විතර උඩ ඉඳන් කොටස නෑ කියල දැක්කම. එතනින් අත කපල ගලන ලේ නවතින්න රත් කරපු යකඩ තහඩුවකින් සීල් කරල තිබ්බෙ. ඒ උනත්...?

විරාන්ට මතක් උනේ මහේන්ද්‍රව අල්ලගත්ත වෙලාවෙ සමීරගෙන් ආව කෝල් එක.

Fierce Love: Taming the Gang Leader's HeartWhere stories live. Discover now