සිනී මුරුක්කු පාටින් හැඩවී ඇති අහස දෙස බලාගෙන කලපනා සයුරක ගිලී සිටි නේත් පියවි සිහියට පැමිනියේ ද චීස් සහ හැම් පෙති කීපයක් මැදි කරවූ අලුත පුච්චා ගත් පාන් පෙති දෙකක් සමග ඉගලට දුම් නගින කෝපි කෝප්පයක්ද අතැතිව සිටි මාර්තාගේ පැමිණීමෙනි." මොනවද මේ අහස පොළව ගැට ගහන්න තරම් කල්පනා කරන්නේ? "
කොපි කෝප්පය සහ සැන්විච් පාන් පෙති සහිත බඳුන නේත්ගේ අත තබමින් විමසූ මාර්තා. නේත් හිද සිටි බංකුවෙහිම පසෙකින් හිද ගත්තේ සිය ආදරණීය දරුවාගේ හිසටද හාදුවක් තැබූ පසුවයි.
" අම්මා මම ප්‍රශ්නයක් අහන්නද?"
" අහන්න බලන්න "
" අම්මාට කොහොමද තාත්තා මුණ ගැහුනේ?"
නේතන්ගේ පැනයත් සමග ආදරණීය මතක රැසක් ගලා ඒම හේතුවෙන් මාර්තාගේ මුහුන සිනහවකින් පිරී ගියේ. ඒ දැකීමෙන් නේතන්ගේද සිය දෙමාපියන්ගේ ආදර අන්දරය අසා දැන ගැනීමට තිබූ උනන්දුව වැඩි කරමින්.
" ඔයාගේ තාත්තයි මමයි පුංචි කාලේ ඉදලම යාලුවො අපි ඉස්කෝලේ ගියේ සෙල්ලම් කරේ සේරම එකට. ඉස්සරහ සමහර ළමයි මට අරියාදු කරනකොට මම හොයාගෙන යන්නෙ ඔයාගේ තාත්තව. තාත්තා මං වෙනුවෙන් හැමෝ එක්කම රණ්ඩු කලා. පුංචි කාලෙ ඉදනම මට හිටි හොදම ආරාක්ශකයා තමයි ඔයාගේ තාත්තා. ඒත් කාලෙකින් අපේ ඉස්කෝලේ බාලිකාවක් කරන්න තීරනේ කරන්වා ඉතින් හිටපු පිරිමි ළමයි සේරම වෙන ඉස්කෝලේකට මාරු කරන්න වුනා ඒකෙන් පස්සේ ඔයාගේ තාත්තටයි මටයි මුණ ගැහෙන්න අවස්ථාවක් ලැබුනේ නෑ. මගේ දාසය වෙනි උපන්දිනේ දවසේ ඔයාගේ තාත්තා ආවා මාව බලන්න මම එ ඩේවිඩ් දැක්කේ අවුරුදු පහ හයකට පස්සේ. එයා ආවේ එයාගෙම අතින් හදපු කුරුලු ජෝඩුවක් ඉන්න සැරසිල්ලක් අරගෙන. එයා එදා මගෙන් ඇහුවා මේ කුරුලු ජෝඩුව වගේ හැමදාම එයාගේ ලගින් ඉන්න කැමතීද කියලා. අපි වෙන්වෙලා හිටපු අවුරුදු ගානට එයා මං ගැන නොහිතපු දවසක් නෑයි කීවා මටත් ඇත්තටම ඔයාගේ තාත්තව හැමදාම මතක් වුණා ඒත් එයා ගැන මට තිබ්බේ කොයි වගේ හැගීමක් කියලා මට තේරුමක් තිබුනේ නෑ ඉතින් එදා තාත්තා කීව වචන වලට මට හුගක් ආදරේ හිතුනා ඔයාගේ තාත්තා වගේ මාව වෙන කවුරුත් බලා ගන්නේ නෑ කියන්න මම දැනම් හිටියා ඉතින් ඩේවිඩ් කීවා වගේම මම හැමදාටම එයා ළඟින් ඉන්න කැමති වුණා.
VOUS LISEZ
|| CODE SIX (KOOKV) || (කෝඩ් සික්ස්)
Mystère / Thriller" උඹ කව්ද? " " මම? මම උඹේ මාරයා " I Rage like a fire bomb Burn like a pyre Rage like a fire bomb Burn it's what I'm built to do Even if I die, It's my time now, I'll make it my fight, It's my time now, Even if I die, It's my time now, I'll make it a...