18 කොටස

158 8 110
                                    


ජෙම්ස් pov -

ඉතින් මගේ දින පොත මට අද හරිම සතුටුයි.. ඇයි දන්නවද මන් අවුරුද්දක් තිස්සේ මන් මේ ලෝකේ ආස කරනම මනුස්සයට කියන්න ඕනෙ හැමදේම ලිව්වේ ඔයා ලග ඔයා ඒවා අහගෙන හිටියා.. ඒ හැමදේම අදින් ඉවර වෙයි.. ඔයාටත් නිදහසේ ඉන්න පුළුවන්.. මොකද මම අද එයාට හැමදේම කියනවා මගේ හිතේ තියෙන දේවල් සේරම.. අදින් පස්සේ මට ඔයා ලගට එන්න ඕනෙ වෙන එකක් නෑ එයා මගේ ලග ඉන්නකොට මට පුළුවන් නේ හැමදේම එයාටම කියන්න.. මෙච්චර කාලයක් මන් කියපු හැමදේම අහන් හිටියට ඔයාට ගොඩක් තැන්ක්ස්.. අද ක්ලෙයෝ ලගේ හොටෙල් එකේ පාර්ටි එකට ගියාම මම හැමදේම එයාට කියනවා.. මන් ආයේ ඔයා ලගට එන්නේ සතුටු හිතෙන ආරංචියකුත් අරගෙන..

.
.
.

" උබ එනවද මන් එක්ක යන්න.. බොරුවට වාහන දෙක තුනක් යන්න ඕනෙ නෑ නේ එකම තැනට නේ යන්නේ.. "

" එන්නම් එහෙනම්.. "

" නැගපන්.. "

" හරි.. "

අනේ දෙවියනේ...... මන් එතකොට ලෙයෝ එක්ක නේද යන්නේ.. මට විශ්වාස කරන්න බෑ එයා මට එයා එක්ක යන්න එන්න කිව්වා..

මන් හිමිහිට කා එකේ දොර ඇරලා ලෙයෝගේ එහාපැත්තෙන් ඉදගත්තා..

දැන් නම් හුස්ම ගන්නත් බෑ වගේ.. හුස්ම එන්නෙත් නෑ මෙයා ලග ඉන්නකොට.. හිත සන්සුන් වෙන්න ඔච්චර හයියෙන් ගැහිලා එයාට ඇහුනොත් එහෙම ලැජ්ජාව.. කියන්න කලින්ම සේරම එයා දැනගනී..

" මොකෝ සද්ද නැත්තේ.. "

" ආ නෑ නෑ.. කියන්න දෙයක් මතක් වෙන්නේ නෑ.. "

" කියවන්න දෙයක් නෑ කියලා ෂුවර්ද.. වෙනදට කියවන්නේ කෝච්චිය වගේ.. මහ රෑක මට මැසේජ් දාලා තිබ්බේ.. මන් හිතුවේ වෙන එකෙක් කියලා තව ටිකෙන් බ්ලොක් කරනවා මන්.. "

" ආ ඒ මන් නෙමේ.. මගේ ෆෝන් එක උනාට ශෙවෝන් දැම්මේ.. ඌට පිස්සු.. එදා උගේ ගෙදර නේ හිටියේ ඌ පිස්සුවක් කෙලියා මන් නෙමේ.. "

" ඕක කලිනුත් කිව්වේ ඉතින් මට.. ඒත් ඊටපස්සේ මැසේජ් කලේ ඔයා නේ.. සින්දු එහෙම කියලා එව්වේ.. "

" ඒ නම් මන්.. හී හී.. "

" මොකෝ උබට ලැජ්ජයි වගේද.. "

 SANDA RAAKA | ONGOING ✫Hikayelerin yaşadığı yer. Şimdi keşfedin