.07

39 8 16
                                    


" ජන්කුක් _ මට රිදෙනවා .. "
ජන්කුක් කලේ තදට හුස්ම හලපු එක ... එයාගෙ ඔලුවෙ තියෙන මේ පීඩනේ එයාට පිට කරලා දාන්න විදියක් ඕන උනා .. ඒ නිසයි එයා සෝහිට කෑගැහුවේ ..

" ජන්කුක් ! දෙයියනේ ඔය කෙල්ල වැටෙයි ! "
ඒත් හදිසියේම දුවන් ආව මිසිස් පාර්ක් ගේ කෑගැහිල්ලටයි ජන්කුක් පියවි සිහියට ආවේ ..

මිසිස් පාර්ක් දුවගන ඇවිත් ජන්කුක් ව සෝහිගෙන් අහකට තල්ලු කලා .. හිතට ආව බයටයි තරහවටයි මිසිස් පාර්ක් ගේ අතෙන් ජන්කුක් ට කම්මුල් පාරක් වැදුනා .. ජන්කුක් ඉක්මනට බිම බලාගත්තා ..

" මොනාද ජන්කුක් ඔයා මේ කරන්නෙ ! මේ කෙල්ලට තුවාලයක් වෙන්න තිබ්බා .. මේකද ඔයා පොරොන්දු උනේ ආ ! "
මිසිස් පාර්ක් සෝහිව අල්ලගන ජන්කුක් ගෙන් අහක් කරගනිද්දි ජන්කුක් ට මහා මූසලකමක් දැනුනා ..එයා මොනවද මේ කරන්නෙ ? ජන්කුක් ට ඔලුව කොහේ හරි ගහගන්න හිතුනා .. එයා මේ රිද්දන්නෙ ජිමින් ගේ පවුලට නේද ?

" ඔ_ ඔම්මා .. මම .. මම ඒක_ "

" සෝහි යන්න .. ගිහින් හායුන්ව බලන්න .. මේ සද්ද බද්ද එක්ක පොඩි එකීගෙ නින්ද කැඩිලා .. "
මිසිස් පාර්ක් සෝහිව දොර පැත්තට ටිකක් තල්ලු කලේ ජන්කුක් තවමත් වෙරි මතේ කියලා හිතලා .. ඒත් ජන්කුක් මිසිස් පාර්ක් ගේ හඬට සිහියට ආවා .. එයාගෙ ඔලුව එක පාරටම පිස්සු නටන්න ගත්තා එයා සෝහිට රිද්දුව එකට .. සෝහිට තවමත් ඇවිදගන්න අමාරුව තිබුනා .. ජන්කුක් එයාව බැල්කනි අත්වැටට තද කලාම කෙල්ලගෙ කකුල තවත් එයාට අමාරු උනා ..
" ජන්කුක් ... ඒ කෙල්ලට එහෙම සලකන්න එපා .. ජිමින් .. ජිමින් කවදාවත් සෝහිට හීරීමක් වත් කරලා නෑ .. ඔයා මෙහෙම හැසිරෙනවට මම අකමැතියි අදල් ... "
මිසිස් පාර්ක් ජන්කුක් ගේ අත් බාහුවක් හෙමින් අතගාමින් කෙටි හිනාවක් දැම්මා ..

" ආයෙ මෙහෙම වෙන්න දෙන්න එපා .. හ්ම්හ් .. දැන් නිදියගන්න .. අපි හෙට කතා කරමු .. "
මිසිස් පාර්ක් ජන්කුක් ගේ ඔලුවත් හෙමින් අතගාලා කාමරෙන් එලියට ගියේ හදිස්සි වෙලා ජන්කුක් ට ගැහුව එකට දුකෙන් ..

.
.

මිසිස් පාර්ක් පුංචි හායුන් එක්ක නිදියන්න ගිහින් හිටියා .. ජන්කුක් තවමත් එයාගේ ඇඳ උඩ කල්පනාවේ හිටියා .. සෝහිට රිද්දුව අත් දිහා ජන්කුක් බලන් හිටියා .. එයා අත් එකට තද කරගන ඇඳෙන් නැගිට්ටේ හොඳටම තරහින් වගේම හිත් තැවුලෙන් ..

𝙱𝚎𝚊𝚞𝚝𝚒𝚏𝚞𝚕  𝙻𝚒𝚊𝚛 💐 - JJK ( Ongoing )Donde viven las historias. Descúbrelo ahora