chapter 3

413 27 4
                                    



"මගෙ phone එක "
එක පාරටම ඔලුවට ආවෙ  phone එක කෝ කියලා..

" ශිට්  ...කලිසම් සාක්කුවෙ තිබ්බ කියල මතකයි..එත් මගෙ ඇඳුම් එකක් වත් මෙතන නෑනේ. "

ආදිත්‍ය කාමරේ හතරවටේම බැලුවෙ මොනාම හරි ප්‍රයෝජනවත් දෙයක් තියේද කියලා ..

"මේ අවල#මා  මොනා කරාද දන්නෙ නැ මට..
ආදිත්‍ය එයාගෙ අත කොන්දෙන් පහල හරිම තැනට  ගෙනිච්චේ තිබුන බයටත් එක්කමයි.."

සියුම් වේදනාවක් එක්ක  කැටිගැහුනු ලේ කොන්දෙත් කොන්ද පහලත් තියෙනවා දැක්කම ආදිත්‍යට එයා ගැනම දැනුනේ ආත්මානුකම්පාවක් වගේම අර තිරිසනා ගැන වෛරයක්..

ආදිත්‍ය  බිම ඉදගෙනම  වකුටු වුනේ  බෙඩ්ශීට් එකට තවත් ගුලි වෙන ගමන්.

ඒත් එක්කම අර වැහුණු දොර ආයෙම ඇරගෙන අර දිගන්චියා   ඇතුළට ආවෙ දොර වහන්නෙවත් නැතුවයි...

ඌව දැක්ක විතරයි ආදිත්‍ය  යක්සාවේශ  වෙන්න ගත්තා

..".තමුසේ මේකට නම් මාව ගෙනාවෙ...
තවත් මාව හිර කරගෙන ඉන්නෙ ඇයි යකෝ"
එහෙම කියලා ලේ ගෑවුණු අත් ආදිත්‍ය  දික් කලා.....

ඒත් ඔහු කලින් වගේම පැත්තට ගිය හිනාවක් විතරක් දීල ආදිත්‍ය ලගට ලන් වුනා..

හිනා වෙනවා දැක්ක ගමන් ආදිත්‍ය උන්හිටිතැන් අමතක වුනා

"...උබට මම..... "

ආදිත්‍ය පැන්න ගමන් අත මිට මොලවලා මූනට  ගැහුවේ බෙඩ්ශීට් එකත් අමතක කරමින්..

ආදිත්‍ය ගහපු පළවෙනි පාර වැදුනත් දෙවන තුන්වැනි පහරවල් ඔහු වළක්වා ගත්තා

ඒ වෙනුවට ඔහු කලේ ඔහුගේ සද්දන්ත එක අතකින් ආදිත්‍යගෙ අත් දෙකම හිර කරගත්ත එකයි..

ඉට පස්සෙ බිමට නැවිලා බෙඩ්ශීට් එක අනිත් අතින් ආදිත්‍ය වටේ කරකවලා දැම්ම එකයි..

ආදිත්‍ය ගල්පිලිමයක් වගේ බලා හිටියෙ වුනේ මොක්ක්ද කියල හිතගන්න බැරිවයි.
.මොකද ආදිත්‍ය ඒ වෙනකොට දිගන්චියගෙ අත් වලින් මිදෙන්න උත්සහ කරනගම්න් හිටියේ.

...."මට යන්න දීපන් මනුස්සයෝ" ...

ආදිත්‍ය කෑගැහුවේ අත් දෙක ගලවගන්න බැරි කේන්තියත් එක්කයි.

රතු නූල (The Red Thread) Ongoing Where stories live. Discover now