සං සාර සාරෝඝ විනීත නී සං
සං නීත සාතං සුවිසාර ධී සං
සං ධීරතං සොන්න තනූ පලා සං සං ලාප දේසිං පණමේභි සා සං....යෝ ...අදත් මල කරදරේ අප්පා... මොන වදයක් ද මන්ද අර එහා ගෙදර පුෂ්ප ඇන්ටි එක්කනම් අහල පහල මිනිස්සුන්ට වසන්න හරි අමාරුයි...ඇයි ඉතින් ගමම සෝවාන් කරන්න මේ ගෑණි හදන්නෙ...
කොට්ටෙන් වහන් ඉදලත් බැරිම තැන මන් නැගිට්ටා...නැගිටල වෙලාව බලන්න පෝන් එක චාජර් එකෙන් ගලෝගත්තම තමයි මට තරු පෙනුණෙ...
ඇයි ඉතින් ඊයෙ රෑ ගහපු ෆෝන් එකේ උදේ බලද්දි බැට්රි 4 යි....
" අයියෝ.....ෂික් ස්විච් එක දාල නැතුවනෙ ගහල තියෙන්නෙ..."
මට ඉබේම කිය වුනෙ ස්විච් එක දැකල ..ඇයි ඉතින් ඒ රෙද්ද ඔන් කරල නෑනෙ....ඒකත් චාජර් එකට ගහල මන් කෙලින්ම දිව්වෙ කාමරේ ම තියෙන බාත්රූම් එකට ඔෆිස් යන්න වොෂ් එකක් දාගන්න...
........................….............................................
වොෂ් එහෙකුත් දාගන මන් ඇවිත් ලෑස්ති උනා ...අද නෝමල් යන්න තියෙන්නෙ යුනිෆෝම් නෙවේ ඒ නිසාම හොදයි... මම ඉතින් සුදු පාට හූඩි එකක් ඇදල කලු ඩෙනිමක් ඇදගෙන පහලට යන්න කලින් කණ්ණාඩියෙන් ආයෙත් මන් දිහාම බැලුව...
අයියෝ තාම කියන්න බැරි උනානෙ මම කවුද කියල ..මම තමයි * සංගීත් ප්රභාෂ්වර * තාම අවුරුදු 25 කියල මන් හිතන් ඉන්නෙ ඒත් තාම 24 කියල තමයි අම්ම නම් කියන්නෙ...
⚪සංගීත් ප්රභාෂ්වර
⚪ වයස 24මම පහලට ගියෙ අම්ම හදල දෙන මගෙ උදෑසන කුක්කු එක බොන්න ....බලද්දි අම්ම පේන්න හිටියෙ නෑ කුස්සියෙ...