chapter 4

358 23 2
                                    









ආයෙම ආදිත්‍යව කරට අරගෙන ඔහු ආවෙ කලින්  ආදිත්‍යව හිර කරල තිබ්බ කාමරේටමයි. එහෙම්ම  ආදිත්‍ය8ව  ඇඳට අතහැරියේ  කොට කෑල්ලක් බිමට අතාරිනවා වගේ  ..

"".....තමුසෙට පිස්සුද"....
"..ඔලුවක් වත් වැදුණා නම්.. ""

කිසි ගානක් නැතුව බුම්මට්ටෙක් වගේ පුදුමෙන්  බලන් ඉන්න දිගන්චියා දැකලා  කාගෙත් එක්කද කතා කරන්නෙ කියලා ආදිත්‍ය තේරුම්ගත්තා මොකද මොන විදිහකින් වත් එයාට ඇහුම්කන් නොදෙන බව ඒ වෙනකොටත් ආදිත්‍ය තෙරුම් අරන් තිබ්බේ ..... 

අත ඇරපුපාර ආදිත්‍යගෙ එක කකුලක් සම්පූර්ණයෙන්ම බෙඩ්ශීට් එකෙන් එළියේ....අවශ්‍ය තැන විතරක් වැහිලා.

""....අහ්ම්ම්   අහම්ම්..ම්ම්....."

ඔහු කැස්සක් එක්ක ඇහැකින් ඉඟි මැරුවේ  ආදිත්‍යට ඒක අගවන්නයි

ආදිත්‍යට එකපාර නොතේරුනත්  නක්කලේට වගේ හිනා වෙවී යන කෙනා දැක්කමයි තේරුම් ගියේ මොක්ක්ද මෙතන උනේ කියලා

...."ඇයි මොකද බලන්නේ".....

ආදිත්‍ය  ඇහුවෙ  වෙච්ච ඇබැද්දියේ  වගකීම සම්පුර්ණයෙන්ම පිටිපස්සවත් බලන් නැතුව යන කෙනාට පවරමින්.
මේකා නම් වුවමනාවෙන්ද කොහෙ මේව නම් කරන්නේ.....
ඒ වෙනකොටත් ඔහු දොර වහගෙන ගිහින් ඉවරයි...

........" අඩුම ගානෙ මට ටවල් එකක් වත් දෙන්න තිබ්බා".........

....."මෙකෙන් කොහොමද ඔලුවක් පිහිදාගන්නේ"....... 

ආදිත්‍ය ඇගේ ඉතුරු වෙලා තිබ්බ වතුර බිංදු පිහිදැම්මේ  බෙඩ්ශීට් එකේ අයිතිකාරයටත් බැන බැන..

බෙඩ්ශීට් එක හතරට පහට නවලා එහෙම්මම ඔලුවත් පිහිදාන්න ගත්තේ පහල කොටස සම්පූර්ණයෙන්ම හිස් අවකාශයේ බැබලෙන්නට ඉඩ හරිමින්..

ඔලුව පිහිදාලා ඉවරවෙලා බෙඩ්ශීට් එක දිග අරින්නගත්තේ ආයෙම ඇඟ වටේට ඔතාගන්න අදහසින්...  බෙඩ්ශීට් එකඔලුවෙන් පහලට අරන් දිග අරිනකොට ආදිත්‍යට පොළව පලාගෙන යන්න හිතුණේ එ වෙනකොටත් ඒ කාමරේ දොරට හේත්තු වෙලා හිටපු දිගන්චියා දැකලා ..

...."W...what .... ohhh shit"....

...."දො...දොරට තට්ටු කරන්න දන්නෙ නැද්ද මනුස්සයෝ".....

රතු නූල (The Red Thread) Ongoing Where stories live. Discover now