CHAPTER 02

97 12 6
                                    

"අනේ අමීරා මට බෑ මට ඇඩෙන්න එනව හලෝ"
"Shhhhh සද්ද නැතුව එන්න ගනන් ගන්නේ නැතුව"
"ම්ම්ම්ම්ම් හාකො"

මන් ඉස්කෝලෙ යන කාලේ අම්මා කියන කතාවක් තිබ්බා ...

" දෝණි මිනිස්සු ජාතිය කියන්නේ හරිම ඉක්මන්ට වෙස් පෙරලගන්න ජාතියක් ඉතින් අපි ඒක මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු වෙන්න ඕනෙ නැත්තන් අපි පුදුම වෙනවා මිනිස්සුන්ට මේම දේවල් කරන්න පුලුවන්ද කියල . මේ තප්පරේ ඉන්න මනුස්සයා නෙවේ ඊළග තප්පරේ ඉන්නෙ . ඔයා දෝණි හැමදාම එකම තැන ඉන්නේ නෑනේ ඔයත් ලොකු වෙනවා . කවද හරි සමාජෙත් එක්ක මිනිස්සුත් එක්ක ගැටෙන්න වෙනවා . ඉතින් ඒ දේවල් වලට ඔයාට  කවද හරි තනියම මූණ දෙන්න වෙනවා . එතකොට දරා ගැනීම උපරිමෙන් තියෙන්න ඕනේ දෙයක්. එහෙම නැති උනොත් තමයි suicide කර ගන්න එව්වා එහෙම වෙන්නේ මේ society එකේ . අනික තමන්ගේ හැගීම් පාලනේ කරගන්න දැන ගන්න ඕනේ එව්වලට වහල් වෙලා ජීවිතේ විනාස කරගන්න කොච්චර කෙල්ලෝ කොල්ලෝ ඉන්නවද දැන් .  ඒ නිසා එව්වා දරාගන්න. එහෙම උනොත් ඔයා ආයේ ජීවිතේ දිහා හැරිලා බලද්දි සතුටු වෙන්න පුලුවන් වෙයි නැත්තන් හැම තැනම පලුදු වීම් එක්ක බිදිච්ච වීදුරුවක් වගේ ජීවිතේ පෙනෙයි . මතක තියා ගන්න දෝණි කෙල්ලෙක්ට ජීවිතේ වරදින්න යන්නේ චූටිම චූටි වෙලාවක් . අර කතාවකුත් තියෙන්නෙ කොල්ලො වැරැද්දක් කරල ගෙදර ආවාම එලියෙන් නාවලා ගෙට ගත්තාම ඒ වැරැද්ද හේදිලා යනවා කියල.ඒත් කෙල්ලොන්ට එහෙම නෙවේ . මොකද ජීවිතේටවත් හදන්න බැරි ආපස්සට ගන්න බැරි වැරදි කෙල්ලන්ට වෙන්න පුලුවන් ඒකයි . උනාට පස්සෙ වැඩක් නෑනේ වෙන්න කලිනුයි ඒ දේවල් ගෙන් පරිස්සන් වෙන්න ඕනේ . ඒ නිසා  මිනිස්සුන්ගෙ හැසිරීම් වෙනස් වීම් අනුව ඔයා හැඩගැහෙන්න . දරා ගන්න . හැමදෙටම අඩන්න එපා කෙල්ලෙක්නේ කියල. ශක්තිමත් කෙල්ලෙක් වෙන්න ඔයා  දෝණි . "

ඔය කතා අම්ම මට කිව්වේ මන් ol කරලා AL වලට පන්ති යන කාලේ මොකද අම්මා  හැමදාම මාව class වලට දාන්න එනවා.  එතකොට අම්මා දකිනවා AL කෙල්ලෝ කොල්ලෝ අත් අල්ලගෙන යනවා පාර දිගේ . Class  cut කරලා යනවා සමහරු . හැබැයි අම්මා කිව්වත් චූටිම චුටි මතයක් මගේ තිබ්බ. මොකද සමහර කෙල්ලෝ කොල්ලෝ ඉන්නවා තමන්ගේ partner එක්ක ජීවිතේ විදින ගමන් තමන්ගේ ඉගෙනීමේ වැඩත් කරන ඉතින් මගේනන් අදහස එහෙම් affair  තිබ්බට කමක් නෑ හැබැයි එයාලගේ limit එක දැනගෙන ඒ affair  එක  කරගෙන යන්න ඕනේ . තමන්ට supportive  partner  කෙනෙක් හම්බුනාම affair  එකත් එක්ක ඉගෙනීම කරගෙන යන්න පුලුවන් මොකද එහෙම යාලුවෝ මටත් හිටිය තමන්ට boyfriend කෙනෙක් හිටියත් පට්ටටම ඉගෙන ගත්ත කෙල්ලෝ හිටියා අපේ set එකෙත් . ඉතින් අම්මගෙ මතෙත් හරි ඇති ඒත් මන් අර විදියට දකින්නේ ඇයි දන්නෑ සමහරවිට මට එහෙම යලුවො හිටිය නිසා වෙන්න ඇති .. හැබැයි ඉතින් හොද  partner  කෙනෙක් හම්බුනේ නැත්තන් ජීවිතේම ඉවරයි AL කාලෙදිම අන්න ඒකයි එතන තියෙන risk එක ..

රොබරෝසියා   [ongoing]Where stories live. Discover now