අපි lecture hall එකට යද්දි හරියටම 7.57 . අම්මෝ මගේ නන්බොක්ක රත් වෙලා තිබ්බේ පලවෙනි දවසෙම චාටර් වෙන්න වෙයි කියල . හැබැයි ඉතින් මේ ආර්යාගේ වාසනාව නිස මොකුත් උනේ නැ . එහෙම තමයි හිතන් ඉන්නේ....හේ... හේ..
මේ පාර අපේ බැජ් එකේ හිටියෙ ලමයි 75ක් විතර . ගොඩක් ලමයි computer science කරන්නේ නෑ වගේ ...
ඇත්තටම AL කාලේ අපි හිතන් හිටියෙ maths එක්ක it කරාම software engineering computer science විතරයි යන්න පුලුවන් කියල. හැබැයි ඇත්තම එහෙම නෙවේ පස්සේ තමයි තේරුනේ web developer Networking developer Web designer වගේ පැති ගොඩාරියක් තියෙනව කියල .. AL class යන කාලේ සර්ලා කිව්වා මට මතකයි it කරලා මොනව කරන්නද ඉස්සරහට AI එන නිසා it පැත්තෙන් job නැතිය කිය කිය කියෙව්වා ... ඒත් සර්ලා දන්නේ නෑනේ AI හදන්නත් මිනිස්සු ඉන්න එපැයි කියල ... ඒ කියපු කතත් එක්ක බය නැතුව ඉස්සරහට තිබ්බ අඩිය ගැන මන් අද සතුටු වෙනවා ඇත්තටම ..
මායි අමීරයි lecture hall එකට ගිහින් විනාඩි දෙකයි ඉදගෙන එතකොටම lecturer ආවා ... එයා තරුණ කොම්ලෙක් .. හී හී ..
අපි දෙන්නා ඉද ගත්තේ හරියටම වම් පැත්තේ ඉදන් 8වෙනි desk එකේ කෙලවරට වෙන්න මන් බිත්තිය අයිනේ හිටියේ ඊට එහා පැත්තේ අමීරා .......
අමීරාට කියන්න නමක් හොයා ගන්න ඕනේ අමීරා අමීරා කිය කිය ඉන්න බෑනේ ...ම්ම්ම්ම්ම්ම්ම්ම්..
අරා හොදයි නේ.. ඊව්ව් ඊව් නිකන් සරා වගේ ඒක සෙට් නෑ ... මොකද දන්නෑ අනිත් නම ...."අමීරා ඔයගෙ අනිත් නම මොකක්ද හලෝ"
ඇත්තටම මන් එහෙම එක පාර ඇහුවාම අමීරා උඩ ගියා මොකද lecture එක පටන් අරගෙන දැන් විනාඩි 20ක් විතර එයා හොදට අහගෙන හිටියේ මන් දැක්කා මන් වගේ මනෝ පාරවල් ගහන්නෙ නෑ වගේ එයා...
"මොකද්ද හලෝ"
"නෑ මේ මන් ඇහුවෙ ඔයාගේ අනිත් නම මොකද්ද කියලා"
"ආආආ ... ලිලී ෆර්නෑන්ඩෝ"
"ඕඕඕ.... ලස්සනයි මන් ලිලී කියන්නන් නේද ඒක ලේසී."
"කැමැත්තක් සිස් "
"එල එල "දැන් නන් මායි ලිලීයි සෙට් වෙලා ඉන්නෙ ටිකක් එයා මට සිස් කියනවා මාත් කියනවා ඉතින්.....
ඇත්තටම උගන්නපු මෙලෝ සසරක් තේරුනේ නෑ මට යකෝ කරකල අත්තැරියා වගේ ලිලී නන් මොනවද මොනවද ලියා ගත්තා..
මන් කෝමත් AL කරෙත් sinhala mediumne .මන් හිතන්නේ ලිලී english mediumda kohed ලියාගෙන ලියාගෙන ගියා ඒකයි මට එහෙම හිතුනේ ......
YOU ARE READING
රොබරෝසියා
Romanceරෝස පාට ආදරණීය වසන්තය රොබරෝසියා................... 💕 කෙනෙක්ගෙ ආදරේ වේදනාව නැති කරන්න පුලුවන් කාටද දන්නවද ඒඩ්රියන්.............. ; ඒ වගේම ආදරයක් ඒ කෙනාට දෙන එක්කෙනෙකුට විතරයි . තේරුනාද ??