CHAPTER 04

17 3 0
                                    

සිරාවටම ඒ මක්කැයි උනේ සාන්තයෝඕඕඕඕඕ.......මායි අමීරයි මූණට මූණ බලාගෙන විනාඩියක් විතර ඉදල තමයි ඉදගත්තේ. ඒත් මෙලෝ හසරක් process කරගන්න බැරුව තාම ඉන්නේ අපි දෙන්නා ..අමීරට වඩා මන් shock වෙලා ඉන්නේ ඇයි කියලා මන් දන්නේ නෑ ..

අමිරා කැන්ටිමට ගිහින් මාලු බනිස් දෙකයි . එළෝලු රොටි දෙකයි .කොත්මලේ වැනිලා කිරි පැකට් දෙක්කුයි ගෙනල්ලා මේසෙන් තියනකන් මන් පුදුම වෙලා වගේ අර හෝතම්බුවලගේ දිහා බලන් ඉදලා..අමීරා ඇවිල්ලා මට තට්ටුවක් දැම්මා ..

"හලෝ මොකද බන් දැන්දේ වෙලා ඉවරයි. ඔච්චර හිතන්න එපා . අපිට රැග් කරේ නෑනේ ....ම්ම්ම්ම්"

ඔන්න එතකොට තමයි මන් හරි සිහියට ආවේ එතකන් මන් අගහරු වල හරි බ්‍රහස්පති වල හරි වටේ ගිහින්... ඊව් ඊව් වටේ යන්නේ නෑ මන් හුහ්හ්......
ඇත්තම කිව්වොත් මන් හරි සිහියට එද්දී තමයි මන් දැක්කේ අර ජේක් කාරයත් මන් දිහා බලන් ඉන්නව කියල . මන් එක පාරම අවුල් ගියා....මොකද මාත් මෙච්වර වෙලා බලන් නේ ඉදල තියෙන්නේ ඒකයි 😒😒😒....ලැජ්ජාවෙ සන්තෝසේ බෑ ....මන් හිතන්නේ මගේ රෙදි ටික හුලගේ පාආආආවෙලා ගිහින්ද කොහෙද....

මන් ඒක දැක්ක ගමන්ම අහක බලගන්න යද්දිම මෙන්න මේක ඇහැක් ගැහුවෙ නැතෑ ....... ගල් පොලොස්කොට්ටෝරු හිවලා ...... තෝ එනවද ඩෝ මට ඇස් ගහන්න ඇස් අන්ද කරගන්න තමයි ඔය ආස වෙලා තියෙන්නේ....කියල උගේ ලගට ගිහින් කියන්න හිතුනත් එච්චර හරියක් මට කරගන්න පුලුවන් නන් බැරියෑ.... මන් ලැජ්ජාවෙන් වගේ මූණ හරවලා අමීරගේ දිහා බැලුවා .....ටහුඩු ඒකි මූණ පාත් කරලා ඇස් උස්සලා දත් තිස්දෙකම පේන්න මට විරිත්තනවා .....ගහන්න හිතයි මේකිට මට උඩින් යන්න ...






"අනේ ඇයි හලෝ ඔහොම බලන්න එපා මට ලැජ්ජයි බන් මගුල.. මන් අරූට ගිහින් බැනලා එන්නද රෙද්ද"
"ආව්ව්.ආව්ව්ව් කෙල්ල රතු වෙලා වගේ කෝමද නේ උගේ මනමාල බැල්මඋබට කොල්ලෙක් නැත්තන් සෙට් කරගනින් ...අනික තොට කරන්න පුලුවන් වැඩ කියපන් ආර්යා ...ඌට ගිහිල්ලා බනිනව තියා ලගට ගිහින් පෙන්නපන්කෝ පුලුවන් නන් මැට්ටි. දැන් කන්න ඕක "
"අනේ මේ මට ඕනෙ නෑ ඔය ගල් පොලොස්කොට්ටෝරු හිවලව වෙන කොල්ලො නැතුවටද ... ඌව තමයි මට මේ campus එකෙන් පෙන්නන්න බැරි පලවෙනි එකා ඊටපස්සෙ උගේ අර සගයො දෙන්නා..උදේ අපිට ඒකා යන්න කිව්වට මතකනේ ඒක තමයි අපිව නවත්ත ගත්තේ "
"හරි බන් හොදයි වගේ පේන්නෙ නැද්ද උබට "
"අනේ මේ නැතුවට හොදයි .... "
"හාකො හාකෝ අපි බලමුකෝ ඇස් ගහපු අයියා මොකෙන්ද එන්නේ කියලා ..හුම්ම් හුම්ම්"
"කෝකෙන් ආවත් මට පේන්න බෑ ඌව එච්චරයි.....කමු දැන් "
"ම්ම්ම්ම්"






රොබරෝසියාWhere stories live. Discover now