සිද්ද වෙච්චි හැමදේම හීනයක් වගේ දැනෙද්දී මෙතෘ ගිහින් පැය බාගයක් විතර උනත් නේහ තාමත් හිටපු තැනම බිම ඉඳගෙන.
මෙච්චර වෙලා කඳුකරේ පුරාවට වැටිලා තිබ්බ රාස්සිගේ අව්ව ටිකෙන් ටික වියැකිලා යන ගමන් යන්තමින් අදුරක් කඳුකරේ වෙලා ගන්න ගමන් තිබ්බෙ.
යන්තමින් හිටපු තැනින් නැගිට ගත්ත නේහ වටපිට බැලුවා. එයා මෙතනට ආව මුල් විනාඩි දෙක තුනේ පෙනුනේ නැති පාළු, අදුරු පාට දැන් නම් එයාට හොඳටම පේනවා. සමහර විට එයාගෙ හිතත් දැන් ඒ වගේ පාළු, මූසල, අදුරු හැඟීමකින් පිරිලා තියෙන නිසා වෙන්නත් ඇති........
මුළු හිතම අසරණ වෙලා කෑ ගහද්දි කොල්ල අඩිය උස්සලා එතනින් ආවේ ගෙදරට යන්න. කිසිම හැඟීමක් නැතුව පයින්ම ඔහේ ඇවිදන් ගෙදරට ආව කොල්ල ඇදුම් වත් මාරු නොකර උයන්න ගත්තේ හරියට රොබෝ කෙනෙක් වගේ. උයල ඉවර වෙද්දි යන්තම් කළුවර වැටිලා. ගෙදර දොරවල් දෙකම අඩවල් කරලා දාපු කොල්ල හෙමින් හෙමින් ගෙට පිටි පස්සෙ තියෙන අඩි පාර දිගේ කන්ද උඩට ගියා. කන්දෙ තිබ්බ ගල් තලාවේ දිගා වෙච්ච කොල්ල වෙච්ච දේ ගැන කල්පනා කරන්න ගත්තා.
චූටි බේබි කිව්ව දේවල් එයාට තාමත් තේරුම් ගන්න බෑ. ටවුන් එකේදි හම්බ වෙලා එයාට බැන්න පලිය ගත්ත කියලනෙ චූටි බේබි කිව්වෙ. ඒත් නේහට එහෙම දෙයක් මතක නෑ. ගමේ එහෙ මෙහෙ ඇවිද්දට කොල්ල ටවුන් එකට ගිහින් තියෙන්නෙත් දෙතුන් පාරයි.අනික නේහ දන්නවා කිසිම මනුස්සයෙක්ට බනින්න තරම් හයියක් තමන්ට නෑ කියලා.
නේහ තාමත් හිතනවා මෙතෘ කරේ විහිළුවක් කියල. සමහර විට හෙට උදේට ඇවිත් ඒ විහිළුව ගැන කියයි සමාව ඉල්ලයි. කොල්ල එහෙම කියල හිත සනස ගත්තා. හැබැයි ඒ සැනසීම ආයෙත් නැති කරන්නත් එයාටම පුළුවන් උනා.....
නේහ ආයෙත් මුල ඉඳන්ම මතක් කරා එයා බංගලාවේ වැඩට ගිය දවසෙ ඉඳන් වෙච්ච දේවල්.
චූටි බේබි හරි ඉක්මනට එයාට ලං උනා..... ටිකෙන් ටික තමන්ගේ හිත අස්සට රිංග ගත්ත.....එයාව නැතුවම බැරි කෙනෙක් කර ගත්තා.....
මෙතෘ මුලින්ම නේහට ආදරෙයි කිව්ව දවස එයා මතක් කර ගත්තා..... නෑ..... මෙතෘ කවදාවත් එයාට ආදරෙයි කිව්වෙ නෑ. එයා ඇහුවෙ ආදරෙයිද කියල විතරමයි.....