" ම්හ්... ය..ශ්.. අයියේ... යශ් අයියේ... මගේ යශ් අයියා... "" සුදු බබා... "
කාමරේ ඇඳ උඩ පැය ගාණක් සිහි නැතුව හිටිය නෙත්රුට සිහිය එනකන් නෙත්රුගේ ඇඳ ගාවම හිටිය යෝෂිත , ක්රිශා දෙන්නා නෙත්රු ඇස් අරිනවත් එක්කම පොඩ්ඩා ගාවට ලන් වුණා.
යෝශිත කෝල් එකෙන් ලේ පෙරාගෙන සිහියක් නැතුව බිම වැටිලා ඉන්න කේශුව පෙන්නුව වෙලාවේ යෝෂිත කිව්වා වගේම එයාගේ යශ් අයියව මරල දාලා ඇති කියලා නෙත්රුට හිතුනා. ඒ ආපු ශොක් එකට සිහි නැතිවුණු නෙත්රුට සිහිය ගන්න ක්රිශාට බැරි වෙද්දි නෙත්රු සිහි නැතුව බිම වැටෙනවා දැක්ක යෝශිත ඒ වෙලේම ගෙදරට එන්න පිටත් වුණා. යෝශිත එන මඟදිම නෙත්රුට බෙහෙත් කරන ඩොක්ටර්ව එක්කන් එන්නත් කීපදෙනෙක්ව පිටත් කරා.
යෝශිත ගෙදරට එනකොටත් නෙත්රු සිහි නැති වෙලා වැටුණු විදියට කිචන් එකේම හිටියා වෙද්දි ක්රිශාත් එතනම බිම ඉඳගෙන නෙත්රුගේ ඔළුව එයාගේ ඔඩොක්කුවෙන් තියාගෙන අඬ අඬ හිටියා. කේන්තියටත් වඩා බයකින් හිත පිරුණු යෝශිත නෙතූව වඩාගෙන ගිහින් කාමරෙන් තියලා ටිකකින් ඇස් බැඳපු ඩොක්ටර් නෙතූගේ රූම් එකට ආවා.
යෝශිත නෙත්රුව ලෝකෙන් කොයිතරම් හංගනවද කිව්වොත් අවුරුදු ගාණක් බෙහෙත් කරපු ඩොක්ටර්වත් අද වෙනතුරු මේ ගෙදර තියෙන්නේ කොහෙද කියන්න දැනගෙන නොහිටියා. ක්රිශා , යෝශිත දෙන්නා විතරක් හිටිය රූම් එකට ඇතුල් වුණු ඩොක්ටර් නෙත්රුව පරික්ශා කරලා බලලා , සේලයින් එකකුත් දීලා , සේලයින් එක ගලවනකන් ඒ පැය පුරාම සිහිය ආවම කරන්න ඕන දේවලුත් පැහැදිලි කරාට පස්සේ නෙත්රුට සිහිය එන්න කලින් යෝශිත ආයෙම ඩොක්ටර්ව ගෙදරින් පිටත් කරා.
සිහිය ආපු මොහොතේ ඇස් ඇරපු තප්පරෙත් නෙත්රුට මැව්නේ ලේ පෙරාගෙන හිටිය එයාගේ යශ් අයියව වෙද්දි යෝශිත එයා ළඟට කිට්ටු වෙද්දිම නෙත්රු ඇඳ මුල්ලට රෝල් වුණා.
" සුදු බබා... මේ මම. "
" ඔයාව එපා මට. ඔයාව එපා. මගේ යශ් අයියව ගෙනල්ලා දෙන්නා. "
කකුල් නමලා දණිස් දෙක පපුව ළඟට එන විදියට ඇඳ මුල්ලේ වාඩි වුණු නෙතූ අත් දෙක කකුල් දෙක වටේ ඔතා ගන්න ගමන් දණිස් අස්සේ මූණ ඔබා ගත්තා. ඇස් ඇරියත් මොකද පොඩ්ඩා තාමත් ඉන්නේ ශොක් එකෙන්.

YOU ARE READING
දෙ ඇස් 💗 [ Monthly Update ]
Non-Fictionනුඹේ ඇස් මා දැකලා... නුඹ ළගටම ආවේ 💫 Taekook Nonfiction (TopKook) Cover credit goes to: - Sunny_Jhs 2024.06.16