එදා උදේ පීරියඩ් පහම එකදිගටම ඉගැන්නුව හින්දා පංතියෙමන් එලියට අහවල් වුවමානවකටත් යන්න හම්බුනේ නෑ.ඒ අස්සෙ නිම්නයා උදේම නැට්ට පාගන් මූණ දහය කරගෙනනෙ හිටියෙ.එදා පොර වැඩිය ආතල් ගන්න ආවෙත් නෑ ඒක හින්දා.
කොහොමහරි ඉතින් අන්තිමේදි සුවහසක් සික්ඛ ජනතාව දවසක් ගානෙ පෙරුම් පුරන් බලන් ඉන්න interval එක කියන විනාඩි විස්ස ආවා.දැන් ඉතින් අපේ එකොළහ ඊ ඉංගිරිසි මීඩියම් එකේ සමහරු ඉස්කෝලෙ හොයාගන්නත් නෑ.මොකද කීවොත් අපේ පංතියෙ ගොඩක් උන් ඉගෙනීමට වගේම කට්ටි පැනීමටත් උපන් හපන්කම් දක්වනෝ යස අගේට.
"ඇයි උඹ කන්නැද්ද?"
මේසෙ උඩ තිබ්බ බුද්ධ ධර්මය පොතත් දඩාස් ගාලා වහලා ලොකර් එකට දාපු මම එහා පැත්තෙ හිටපු එකා ෆෙස්ක් එක බදන් වැතිරී වැඩෙන්න ගිය හින්දා උට ආධාරකයක් වෙන්න හිතුවා.අනුන්ට ආධාරක වෙන්න ගිහින් අම්මපා දවසක මට සුපිරියටම කෙල වෙනෝ.
"ඉන්ටවල්ද?"
"ඈ යකෝ උඹ හාමුදුරුවෝ ඉද්දිත් නිදියන්ද හිටියෙ? අහු වුනා නම් උඹෙ තට්ටෙ පලයි මහණ තෙර"
මං එහෙම කීවෙ නිදිමත යවන්නත් එක්ක නිම්නයගෙ ඔලුවට පොල් ටොක්කක් ඇනන්.
"ආව්! රිදෙනවා බම්ලො"
වෙනදට මූ මෙහෙම නෑ.අනේ මංදා අද මුට මොන පෙරේතයෙක් වැහිලද කියලා.මටත් නිකන් මොකද්ද මොකද්ද වගේ.
"සොරි බොක්ක,උඹට රිද්දන්න හිතුවෙ නෑ"
"අශ්! තොට අඬන්න දෙයක් කීවද දැන් මම? කෝ බත් එක ගනින් බඩගිනී යකෝව්ව්!"
අන්න එහෙමයි පෙරේතයන්ව ආම්බන් කරන්නෙ.දන්නැත්තම් ආදර්සෙට අරන් ඉගෙනගන්න, ජීවිතේට වැදගත් වෙයි.
ගොඩ කාලෙකට පස්සෙ තමයි මං ඉන්ටවල් එකට කන්න ගෙදරින් කෑම එකක් අරන් ආවෙ.මෙච්චර කල් නිම්නයයි මමයි කැන්ටිමෙන්නෙ ජීවත් වුනේ.හැබැයි ඉතින් දැන් මේ ඕෂධට බලෙන් කෑම කව්වන්නත් කට්ටියක් බලන් ඉන්න හින්දා ඒ දේවල්වලින් වුවමනාවක් තිබ්බෙ නෑ.උදේ ගෙදරින් එලියට බහින්නත් කලින් ගංගා නැන්දා 'ඕෂධ බේබි මෙන්න කෑම එක,වෙලාවට කෑම කන්න.පරිස්සමෙන් ගිහින් එන්න' කියලා මගෙ අතටම ලන්ච් බොක්ස් එකක දාලා බත් එකක් දුන්නා.මං දන්නෑ මොන හේතුවකට මේ අය මට මෙච්චර ලෙන්ගතු වෙනවද කියලා,හැබැයි මට දැන් ඉස්සර තරම් හිතේ අවුලක් තිබුනෙ නෑ.
YOU ARE READING
මණ්දාකිණි | BL | Horror | Onhold
Non-Fiction"සමහර හිත් මුණ ගැහෙන්න ආත්ම ගානක් පෙරුම් පිරුවත් මදි" "ආත්ම ගානක් වුනත් මොකෝ මුණ ගැහෙනවනම්?" "දවල් හීන මවන්න එපා බං!" -24.10.30