1 වන පරිච්ඡේදය

3 1 0
                                    

ඇය කඳවුරේ ආරක්ෂක සීමාවෙන් එළියට ආවා.ජේසන් ඇයට කලින් අනතුරු අඟවා තිබුණා. නමුත් ඇයට බලා සිටිය නොහැකි උනා.තම සහෝදරයා කඳවුරට පැමිණීමට මත්තෙන් සතුරන් මෙහි ලගා වන බව ඇය දන්නවා. ඩිමීටර් නැතිනම් රජුගේ හදිසි අසනීපයත් සමග කඳවුරේ හැමෝම තාමත් ඉන්නෙ දෙගෙඩියාවෙන්. පෙර තිබූ සූදානම දෛර්‍ය අත්මවිශ්වාසය ක්ෂය වෙමින් තිබුනා.

          ඇය මෙ සියල්ල  කෙටියෙන් ලියා යැවූ ලිපිය ලැබුණු විගස ජේසන් ඇයට උකුස්සකු අතේ පණිවිඩයක් එවා තිබුණා. සතුරු හමුදව ඔහු ඒමට පෙර ප්‍රහාර එල්ල කළොත් සේනාව මෙහෙය වීමට රිචඩ්ට  හදිසි උසස්වීමක් තාවකාලිකව ලබා දෙන්න කියා සෝවර්ට කිව යුතු බව එහි විශේෂයෙන් සදහන් කර තිබුනා.තමා එනතුරු ඇයට පරිස්සමින් සිටින ලෙසත් ආරක්ෂක සීමාවෙන් පිටට නොයන ලෙසත් එහි කියා තිබුනා.නමුත් ඇයට ඔහුගේ නියෝගයට පිටින් යාමට සිදු වූවා .ඇයට ඉක්මන් විය යුතුයි .රිචඩ් කෙතරම් උපායශීලී වුවත් දක්ශ වුවත් ජේසන් නොමැතිව සේනාව සම්පූර්ණ නැති බව ඇය දන්නවා.  සෝවර්ට  ලිපිය දුන් විගස තම  ආරක්ෂාව ගැන නොසිතා මෙසේ ආවේ ඒ නිසයි.

           ඇයට  ඔවුන් සියලු දෙනා විනශ කල නොහැකි බව ඇය දන්නවා. මෙයින් ඇය මිය යාමට ඇති ඉඩකඩ ගොඩක්ම වැඩි බවත් ඈ දන්නවා.සතුරු හමුදාවෙ සෙබලුන් දෙදහසක් පමන ඉන්න බව ඇය ඔත්තුකරුවෙකුගෙන් කල් තියා දැනගෙන සිටියා නමුත් ඇගේ කඳවුරේ හැම සෙබලෙක්ම එකතු කර ගත්තත් ඔවුන්ට සෙබලුන් දහසක්වත්  සිටියෙ නෑ.ඇයට ජීවත් වීමට ලැබුනොත් මෙසේ තනිව තීරණ ගැනීම පිළිබඳ ජේසන්ගෙන් බැනුම් අසන්නට සිදුවන ආකාරය ගැන සිතද්දී ඇගේ මුවගට සිනාවක් ගලා ආවා.නමුත් එය ක්ශනයෙන් මැකී ගියේ කිරීමට තිබූ වැඩේ අනතුරුදායක බව මතකයට නැඟුණු නිසයි  .ඇය යුධ සන්නාහයෙන් සැරසී සිටියා . තද දුඹුරු  පැහැ කැරලි කොණ්ඩය උඩට කර ගැටගසා තිබුනා. තාත්තා ඇයට දුන් රත්‍රන් වලින් නිමවූ කඩුව ඇගේ ඉනේ එල්ලෙමින් තිබුනේ ලේ පිපාසයෙන්.එය කෙතරම් බර වුවත් ඇය  ඒ  පිළිබඳ තැකීමක් කලේ නෑ.සැම විටම ඇගේ කලවයේ ගැට ගසා තිබූ කිනිසි දෙක තවමත් එලෙසම තිබුනා . අවශ්‍ය වූ විට දිග හැරිය හැකි දුන්නද ඇය ලගයි . මම මොකටද බයවෙන්නේ.... ඇය සිතුවා.මං ළඟ ආයුධ තියනවා. අයියා එනකම් මට සතුරන්ගෙ වේගය අඩු කරලා එයාට කාලය ඇරන් දෙන්න  පුලුවන්  .ඇය කදවුරෙන් තවත් ඈතට දිව්වා.සතුරන් දෙසට....

You've reached the end of published parts.

⏰ Last updated: 2 days ago ⏰

Add this story to your Library to get notified about new parts!

රියා - RiyaWhere stories live. Discover now