"මොකද උඹ අවුලින්?? මේ දවස් ටිකේම උඹ අවුලින් හිටියෙ..."
සුදුමැලි කොල්ලෙක්, තමන්ගෙ ගැඹුරු කට්ට කළු ඇස්වලින් එහාපැත්තෙ හිටපු කාබේරි පෙනුමක් තියෙන කොල්ලා දිහා බලලා ඇහුවා... බර කල්පනාවක හිටපු කාබේරි ඩයල් එක තමන්ගෙ යාලුවා දිහා බැලුවෙත් මහන්සිය පිරුණු බැල්මකින්...
"උඹට ඉක්මනට තේරෙනවා නේද කවුරුහරි අවුලින් ඉන්දෙද්දි..."
සුදුමැලි කොල්ලා කට කොණෙන් හිනාවෙලා තමන්ගෙ අතේ තිබුණු පෑනෙන් මේසෙට හෙමින් හෙමින් අනින්න ගත්තා, අත මිට මොලවගෙන ඒ පෑන තදින් අල්ලගෙන...
"හුත්තො...ඔයවගේ සරල දෙයක් නොතේරෙන්නෙ ඇස් පේන්නැති එකෙක්ට තමයි..."
"හ්ම්ම්හ්... අපේ ගෙදර ප්රශ්න..."
•
•
•
•
සුදුමැලි කොල්ලා ඒ විදිහට ම පාඩුවෙ අතේ තිබ්බ පෑනෙන් මේසෙට ඇන ඇනම හිටියා මිසක්, ප්රශ්නෙ මොකද්ද කියලාවත් ඇහුවෙ නම් නෑ...
"කවුන්සිලින් යුනිට් එකේ උන්ට හෙන ස්කිල් එකක් තියෙයි නේද මනුස්සයෙක් කියන්න අකමැති දෙයක් උනත් පිටට අදින්න..."
ආයෙමත් සුදුමැලි කොල්ලගෙ කටකොනේ හිනාව...
"මට එහෙම ස්කිල් එකක් නෑ... මම කරේ උඹගෙ ප්රශ්නෙ මොකද්ද කියලා අහපු එක විතරයි... කියන එක නොකියන එක උඹේ වැඩක්..."
"හ්ම්ම්ම්...."
කාබේරි පෙනුමක් තිබ්බ කොල්ලා බර හුස්මක් පහත දාලා, හෙමින් හෙමින් ඩෙස් එකේ වේළුණු, අලුත් පාට තීන්ත ලෙයරය පසාරු කරගෙන ලීය මැදට පෑන් තුඩ බස්සන සුදුමැලි කොල්ලගෙ නහර ඉලිප්පිච්ච අත දිහා බැලුවා...
"උඹේ අතට මොකද්ද උනේ? ප්ලාස්ටර් ගහලා තියෙන්නෙ..."
"කපාගත්තා..."
කාබේරි පෙනුමක් තිබ්බ කොල්ලගෙ ඇස් පුදුමෙන් ලොකුවුණා... ඒත් පුරුදු විදිහට ම සුදුමැලි කොල්ලගෙ ඇස් ටාටරස් වල වගේ අඳුරු පාටයි... අඩවන් වෙලා... ඇස් වටේ සුද ලාවට රතුවෙලා...
YOU ARE READING
රස්තාෆාරි || TK
Non-Fictionවිෂමාකාර හීනෙට, උඹත් මමත්... "මේ බලපං ජනා... මට ලව් හුත්තවල් කියන්න තේරෙන්නෑ... හැබැයි මට තෝව ඕනෙ... මට එච්චරයි දැනෙන්නෙ..." - විද්වාන් මෙතායු මෙය ECLIPSE TAEKOOK UNITED - RULES AND GUIDELINES වලට යටත් ව පළ කරන ලද Taekook කෘතියක් බව දන්වා සිටිමි. Co...