අලුත් මාසයක පටන් ගැන්මත් එක්ක ගයත්මා පහමාරේ එලාම් එකට නැගිට්ටේ වෙනදා වගේ ඇහැරවන්න අද අම්ම නැති නිසා, උදෙන්ම නැගිටලා ඉක්මනට ලැස්තිවුනේ හයයි හතළිහේ ට්‍රේන් එකට යන්න බලාගෙන උනත්, අද ඉස්කෝලෙට ගිහින් දාන්නම් කියලා අයියා කිවුව නිසා
" හරි මන් ලෑස්ති යමුකෝ දැන් "
" මේ කිරි එක බිලා යනවා, යනගමන් ඉන්ටවල් එකටයි උදේටයි මොනාහරි අරන්දෙන්නම් "හදිසියකට ඇරෙන්න නිවාඩු දාන්නේ නැති අයියා ගැන ගයත්මාට ඇතිවුනේ සැකයක්, සමහරවිට අද අම්මලා නැති නිසා කියලා හිතාගත්තේ, අයියා හරි තමන්ගේ තනියට හිටිය නිසා, කඩයක් ඉස්සරහ නවත්වනවාත් එක්කම ,
" මොනාද උදේට ඕනේ, දවල්ට කන්න සල්ලි දෙන්නම් ඉස්කෝලේ කැන්ටින් එකෙන් අරන් කන්න"
" ඕනි එකක්, ක්‍රීම් බනිස් එකක් හොදා"කියනවත් එක්ක අයියා කඩේ ඇතුලට ගිහින් විනාඩි පහකින් විතර ආවේ, ඉස්කෝලෙට යන්න පරක්කු නිසා ,
" අයියා මොනාද උදේට කන්නේ, ඇයි මේ අත තුවලවෙලා "
" ආහ්.. මේ සයිට් එකේ කම්බියකට කැපුනා , උදෙටනම් ඕනි නැහැ අම්මලා දවල් වෙන්න කලින් එයි "
" අනේ මන්දා පොඩි එකෙක් නෙමෙයිනේ අයියේ තමුසේ, කල්පනාවෙන් වැඩ කරනවා, අනික බෙහෙත් දාලාත් නැහැ "
" හරි බන් හිතලා නෙමෙයිනේ තුවාල කරගත්තේ, ඕක අඩුවෙලා යයි "ඉස්කෝලේ ලගට ඇවිත් නවත්තනවත් එක්කම අයියා කිවුවේ ගයත්මාගේ ඔළුවට හෙමිට තට්ටුවක් දන ගමන්, දොරත් ඇරන් බහින්න හදනවත් එක්කම අයියා වොලට් එකෙන් රුපියල් පන්සියක් දුන්නේ මවාගත්ත හිනාවකින්
" පරිස්සමින් යන්න හරිද, වේගෙන් ගිහින් අහුවෙන්න එපා තමුසේ "
" හරි මන් ගියා එකහමාරට මෙතැන ඉන්න මන් ගන්න එන්නම් "ගයත්මා ඔලුව වනනවත් එක්කම් අයියා යන්න ගියේ කිවුවත් වගේ හෙමින් නිසා, ගයත්ම හිනාවෙන ගමන් ගේට් එකෙන් අතුලටගියේ බැග් එකත් චෙක් කරන් පන්තියට යන්න, යනවත් එක්කම පසන් සර් පන්තියේ හිටියේ කොල්ලන්ට කියල පන්තිය අතුගාවන ගමන්,
" ආශා ආවේ නැද්ද බන් අද "
පොත් බැග් එක මේසෙන් තියනවත් එක්කම ඉරේෂා ඇහුවේ වෙනදට ට්‍රෙන් එකේ එන්නේ ආකර්ෂාත් එක්ක නිසා
YOU ARE READING
Dark Secret (ONGOING)
Romanceහිත බිදි කැඩිගියද සුවපත් කල හැකි මිතුදමට එහාගිය සහෝදරකමක්... ලියන්නට හිතුනද මග නැවතුන එකපාර්ශවික පෙමක්.... ආගන්තුක තැන්වලින් හුරුපුරුදු වෙද්දි ,අසල්වාසි හිත්වලින් නොදැනුනු තරමක් එය ,ප්‍රේමය පමණකි... ඉතින් ප්‍රේමිය.. අහසක් තරම් උසට පොත් ලියන්නට හේතු ගෙ...