තාත්තාව හොයන් ගිය ගයත්මා නතර වුනේ කිචන් එකේන්, උය උය හිටිය තාත්තාව බදාගත්තේ තාත්තාත් ගැස්සිලා බලද්දි ,
" ආහ් දෙන්නා ආවාද ඇහුනෙත් නැහැ මට , මොනාද උදේට කෑවේ , දවල්ටනම් කන්න වෙන්නේ මන් උයපුවා තමා "
" හොදානේ , අයියා සල්ලි දුන්නා මට , එහෙනම් මන් වොෂ් එකක් ගෙන එන්නම් කන්න "
" චුටි පුතත් ගිහින් වොෂ් එකක් දාගෙන එන්න , වැඩ කරලා මහන්සිත් ඇතිනේ "
" හ්ම්ම්ම්..."තාත්තා කියද්දි රුවින්ද්ය කල්පනා ලොකෙන් පියවිසිහියට ආවත් කරේ හුමිටි තිබ්බ එක විතරයි , යන ගමන් හිටපු ගයත්මා නතර වුනේ තාත්තා කියපු එකට , අයියා උදේ ඉදන් ගෙදර නෙමෙයිද හිටියේ කියන ප්රශ්නනෙත් එක්ක ගයත්මා යන්න ගියා, වොෂ් එකක් ගෙන ඇවිත් මේසෙන් ඉදගත්තේ අයියත් ඇවිත් කන්න ඉදගනිද්දී ,
" අයියා අද ගෙදර නෙමෙයිද හිටියේ "
" ආහ් ... ආ මේ.. මන් යාලුවෙක් හම්බෙන්න නිට්ටඹුවේ ගියා, ඇයි එහෙම ඇහුවේ "
"නැ නිකන් , මන් හිතුවේ එක්කන් යන්නත් ආපු නිසා අද ගෙදර ඉන්නැති කියලා "
" අද නිවාඩු තමා හදිස්සි ගමනක් නිසා යන්න වුනේ "
" හරි ඇති දැන් දෙන්නා කැම කන්න "තාත්තා කියද්දි ගයත්මා කැම කන්න ගත්තාත් රුවින්ද්ය කරේ බත් එක අතගාපු එක විතරයි , තුන්දෙනාම කාලා අත්තම්මා බලන්න පිටත්වුනේ අම්මාට තුනවෙද්දී එනවා කියල පොරොන්දු වුන නිසයි, නයිවල හන්දියෙන් වේයන්ගොඩ පැත්තට හරවලා ටිකක් දුර යද්දි අතුරුපාරකට හැරෙවුවේ පාරේ අන්තිම ගෙදර අම්මගේ මහගෙදර වෙද්දි, අම්මා ගෙයින් එලියට අවේ අපිව බලාපොරොත්තුවෙන්,
"ආහ්, හිතුවේ ඔයයි පුතයි විතරක් එයි කියලා "
" මන් නෑවිත් කොහොමද අත්තම්මා මගේනේ "ගයත්මා කියනගමන් ගිහින් නතර වුනේ අත්තම්මාගේ කාමරේ ගාවට උනත් ඇතුලට නොගිහින් ආයේ හැරිලා ඇවිත් සොෆා එකෙන් ඉදගත්තේ , තාත්තයි අයියත් ඉදගනිද්දී, අම්මා බොන්න මොනාහරි හදන් එන්නම් කියද්දි , අම්මත් එක්කම ගයත්මාත් පස්සෙන් ගියේ තාත්තායි අයියයි නැගිටලා ආච්චිඅම්මාව බලන්න කාමරේට යනවත් එක්කම,
" අම්මේ , පාලුයි අප්පා ඔයා නැතුව , අම්මා අදත් රෑ ඉන්නවාද මෙහේ "
" ඉන්න තමයි බැලුවේ , මල්ලි එද්දි ගොඩක් රැ වෙනවා කිවුවා කෙල්ලේ "
" ඉතින් අපි අත්තම්මවත් එක්කන් අපේ ගෙදර යමු , මාමාටත් එහෙට එන්න කියන්නකෝ"
" බලමු , අම්මාට ගොඩක් අමාරුයි ලමයෝ මහන්සි කරන්න හොද නැහැ , ටිකකට කලින් ඩොක්ටර් ඇවිත් කියලා ගියේ මහන්සි කරන්න එපා කියලා , නැත්තම් මාත් කැමති අම්මාව ගෙදර එක්කන් යන්න "
" අත්තම්මාට ගොඩක් අමාරුයිද අම්මේ , ඉතින් අපි හොස්පිට්ල් එක්කන් යමුකෝ"
" මන් කියන දෙයක් අහන්නේ නැහැ , පොඩිව බලන්න ඕනී කියනවා "
YOU ARE READING
Dark Secret (ONGOING)
Romanceහිත බිදි කැඩිගියද සුවපත් කල හැකි මිතුදමට එහාගිය සහෝදරකමක්... ලියන්නට හිතුනද මග නැවතුන එකපාර්ශවික පෙමක්.... ආගන්තුක තැන්වලින් හුරුපුරුදු වෙද්දි ,අසල්වාසි හිත්වලින් නොදැනුනු තරමක් එය ,ප්‍රේමය පමණකි... ඉතින් ප්‍රේමිය.. අහසක් තරම් උසට පොත් ලියන්නට හේතු ගෙ...