උදේ ගයත්මා තාත්තා එක්ක ස්ටෙෂන් එකට යන්න ලැස්ති වුනේ , වෙලාව හයහාමර පහුවෙද්දි ,
" තාත්තේ මන් ලැස්ති යමු "
" හරි මන් එනවා "විනාඩි දහයෙන් ස්ටෙෂන් එකෙන් නවත්තලා ගයත්මාව දාලා තාත්තා දාලා නුවර පාරට යන්න ගියේ වැඩකට නිට්ටඹු යන්න තියෙන නිසා
" අම්මේ මන් ගෙදර යන්නද , යාලුවෙක්ගේ ගෙදර යන්නත් තියෙනවා "
" උදේට කාලාම යන්න පුතේ, තව ටිකකින් උයලා ඉවරයි"
" එතකන් ඉන්න බැහැ අම්මා පරක්කු වෙනවා , අම්මේ කියක් හරි දෙන්නකෝ බස් එකේ යන්න , වොලට් එක ගෙදර දාලා ඇවිත් "
" එහෙනම් යන ගමන් මොනා හරි අරන් කන්න , කාමරේ අල්මාරියේ ඇති පර්ස් එක ගන්න එකෙන්"
" හරි අම්මේ , එහෙනම් මන් යනවා "
" පරිස්සමින් "රුවින්ද්ය අම්මාට කියලා කාමරෙට ගියේ සල්ලි ගන්න , අල්මාරිය ඇරලා පර්ස් එකෙන් රුපියල් දෙසියක් ගත්තේ ගෙදරට යාගන්න , බස් දෙකක යන්න තියෙන නිසා ගාණ වැඩි , සල්ලිත් අරන් එලියට යන්න ගිය රුවින්ද්ය නතර වුනේ මාමා කතා කරපු නිසා,
" කොල්ලෝ කොහෙටද යන්නේ , මාටත් කඩේට යන්න ඕනී ගෙදරට බඩු වගයක් ගන්න , මාත් එක්ක යමන් "
" හරි මාමේ "ටික වෙලාකකින් ලැස්ති වෙලා ආපු මාමාත් එක්ක ප්‍රධාන පාරට ආවේ රුවින්ද්ය එතනින් බහිද්දි , මාමා අනිත් පැත්තට ගියේ බඩු ගන්න , මගක් දුර පයින් යද්දි හම්බුන බස් එකට නැගලා නයිවල හන්දියෙන් බැස්සේ , වෙන බස් එකක යන්න තිබ්බ නිසා, ආයේත් බස් එකක නැගලා ගෙදර ආවේ මහන්සියෙන් , කැම්පස් ගියාට පස්සේ බස් ගමනක රුවින්ද්ය ගියාමද කොහේ , ගෙදරට ඇවිත් වොශ් එකක් දාගෙන ඇදුමක් ඇදන් කාර් එකේ කී එකත් අරන් එලියට බැස්සේ , ඉක්මනින් යාලුවාව හම්බෙන්න...
අද සිකුරාදා , ගයත්මාගේ ඉස්කොලේ හැම සතියේම සිකුරාදා Assembly එක, ගයත්මා පන්තියට යනකොට ඉරේෂාත් ඇවිත් හිටියේ වේලාසනින් , ඉරේෂා පන්තිය අතුගාන ගමන් හිටිය නිසා ගයත්මා අන්තිම පෙලියෙන් බැග් එක තියලා ආවේ ඉරේෂාට උදව් කරන්න, ඩෙස් එක දෙක එහේ මෙහේ කරන ගමන් පන්තියම අතුගැවේ පසන් සරුත් පන්තියට එද්දි ,
YOU ARE READING
Dark Secret (ONGOING)
Romanceහිත බිදි කැඩිගියද සුවපත් කල හැකි මිතුදමට එහාගිය සහෝදරකමක්... ලියන්නට හිතුනද මග නැවතුන එකපාර්ශවික පෙමක්.... ආගන්තුක තැන්වලින් හුරුපුරුදු වෙද්දි ,අසල්වාසි හිත්වලින් නොදැනුනු තරමක් එය ,ප්‍රේමය පමණකි... ඉතින් ප්‍රේමිය.. අහසක් තරම් උසට පොත් ලියන්නට හේතු ගෙ...