රජ මගුල් කියන දිවාලි හඳට
හරියටම ගව්වක් යටින් දිලිසෙන 'දියාස්' අස්සෙන් අර සද්දෙට පුපුරන අහස් එලි මැද්දෑවට මට පුළුවන් අර නෝක්කාඩු පුරවාගත්ත රවුම් හාදය ව අද තනි කරන්න.අර කලු පාට අහස් කැරලි මැද්දෑවටම වෙන්න බේරෙන 'ගජ්රා' රැල්ලක් එක්කලා
රෝස පාට තැවරුණු කලු පාට ඇස් කොන් අස්සෙන් පෙරෙන මස්කාරා චිත්ර එක්ක ගත්තම උබ රටාවට ඇදපු 'රංගෝලි' කියන්නෙම නමක් නැති නිකමෙක් නම්.....ඔය දෙමල පන්නයෙ හිනාව ගැන..
දෙපැත්තෙන් වැක්කෙරෙන බරාධික තෝඩු සද්දෙ ගැන...
මන් අහන්නෙ අපි කතාකරන්න ඕනමද?
ඇත්ත ඕවා මහ කාලෙකන මාතෘකා.ඉතින්,
මගේ දීවාලි හඳ එක්ක තත්පරේක හාද වෙන්න..
පුලුවන් ද..? කැලිස්ටෝ උබට අද උතුරින් නැතුව දකුණින් පායන්න..Happy Diwali..🪔
31.10.2024
Sith